spot_img
spot_img

Awake (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Awake (2021) මේ අවුරුද්දේ ජූනි මුල් සතියේ නිකුත් කෙරුණු තවත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක්. TV series බලන අය ආසාවෙන් බලපු Revolution එකේ කතාවට ගොඩාක් සමාන කතාවක් තමයි මේකේ තියෙන්නේ. හැබැයි විද්‍යා ප්‍රබන්ධයක් කිව්වාට මේ චිත්‍රපටියේ කිසිම සිදුවීමකට විද්‍යාත්මක හේතුවක් දෙන්නේ නෑ. ඒ නිසාම මම හිතන්නේ, මේ චිත්‍රපටියට ආපු රේටිං ප්‍රමාණයත් අඩු වෙලා. හැබැයි කතාව ලස්සන එකක්.

Mark Raso විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ තිර රචනය කරලා තියෙන්නේ ඔහු සහ ඔහු‍ගේ සහෝදරයා. ඒකට හොඳ දක්ෂයෙක් නොගත්ත එකේ ප්‍රතිපලය තමයි රේටිං වලින් පේන්නේ. හැබැයි, මේ දෙන්නා කතාව ලස්සනට ගොතලා තියෙනවා. රඟපෑමෙන් දක්ෂ නිළයක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඇය Gina Rodriguez (ජිල්). ඇය සමඟ රඟපෑමෙන් එක්වෙනවා Ariana Greenblatt (ළමා නිලි, මැටිල්ඩා), Lucius Hoyos (ළමා නළු, නෝහා), Shamier Anderson (ඩොජ්), Jennifer Jason Leigh (දොස්තර මර්ෆි) ඇතුලු පිරිසක්. මේ චිත්‍රපටිය ගැන මුලින්ම මට කිව්වේ Kantha_DLA. ඔන්න ඔයාගේ ඉල්ලීම ඉටු කලා.

චිත්‍රපටියේ කතාව ගැන කෙටියෙන්: ජිල් හමුදාවේ හිටපු කෙනෙක්. ඇය දැන් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවය කරනවා. එක දවසක්, ඇය තමන්ගේ නැන්දම්මා ළඟ හැදී වැඩෙන දරු දෙදෙනා සමඟ දවසක් ගත කිරීමට පැමිණෙනවා. එදා, හදිස්සියේ සිදුවන සිදුවීමකින්, මුලු ප්‍රදේශයේම බලය නැතිවෙනවා. ඉලෙක්ට්‍රොනික් දේවල් සම්බන්ධ සියලුම දේවල් අක්‍රිය වෙනවා. ‍මේ අතරට වාහන, ෆෝන්, විදුලිය ඇතුලු බොහෝ දේ වෙනවා. ඒ වගේම එහි අතුරුපලයක් විදියට, කිසිම කෙනෙකුට නින්ද යාම නැතිවෙනවා. නමුත්, මැටිල්ඩාට හොඳින් නිදාගන්න පුළුවන් වෙනවා. ඇයි මේ? මෙහෙම වුනේ කොහොමද? නින්ද නැති නිසා මිනිස්සුන්ට මොනවාද වෙන්නේ? මේකට බෙහෙතක් හොයාගන්න පුළුවන්ද? මැටිල්ඩාව බේරගන්නේ කොහොමද? මේවාට පිළිතුරු මේ උපසිරැසිය සමඟින් චිත්‍රපටිය නරඹා දැනගන්න. ජයවේවා!!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Awake (2021) සිංහල උපසිරැසි” Awake.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3674 times – 674 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. Thanks Sub Ekata..Revolution wage ekak kiyanne ithin atharinna ba kohomathma me film eka.e lagin hari yana story ekak hoya hoya hitiyee..jayawewa nilusha.

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Naveen Randika Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram