spot_img
spot_img

Danny (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ලොකු නිවාඩුවකට පස්සෙ ආයෙත් මම දමිල චිත්‍රපටියකට උපසිරසි අරගෙන ආවා.අද උපසිරසි අරන් ආවේ අගෝස්තු 1දා zee5 වෙතින් නිකුත් උන අලුත්ම අලුත් දමිල චිත්‍රපටියකටයි.Danny 2020 ලෙසින් නම් කරල තියෙන මේ චිත්‍රපටිය thriller/mystery ගණයට අයත් වෙනවා.10න් 5ක imdb අගයක් හිමි වෙලා තියෙන මේ චිත්‍රපටියට 79%ක ගූගල් පරිශීලක කැමත්තක් ලැබිල තියෙනවා.

දකුණු ඉන්දීය දමිල මෙන්ම තෙලුගු නිලී Varalaxmi Sarathkumar තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ.ඒ වගේම චිත්‍රපටියේ නමටත් දාල තියෙන ඩැනී කියල බල්ලෙකුත් මේ සිත්තමට යොදාගෙන තියෙනවා. කතාවත් චුට්ටක් කිව්වොත් හොඳටම පිච්චිලා ගියපු කාන්තා මලසිරුරක් උක් වත්තක තිබිලා හම්බෙනවා. පොලිසිය ඒ ඝාතනය ගැන ඕනවට එපාවට විමර්ශනය කරලා ඒ ඝාතනය එම කාන්‍තාවගේ සැමියා පිට දමා ඔහුව අත්තඩංගුවට ගන්නවා.නමුත් එම පොලිස් ස්ථානාට අලුතින් පත්වෙලා එන කුන්දවායි කියන පොලිස් නිලධාරිවරිය ආයෙත් මේ මිනීමැරුම ගැන විමර්ශන පටන් අරගත්තාම ඇයට තේරෙනව මේ ඝාතනයේ වැරදිකරු එම කාන්තාවගෙ සැමියා නෙවෙයි කියල.ඉතින් ඩැනී කියන බල්ලත් එක්ක ඇය මේ ඝාතනය ගැන දිගටම විමර්ශනය කරගෙන යනවා.එතැන් පටන් තමයි මේ චිත්‍රපටයේ හොඳම ටික පටන් ගන්නේ.මේ ඝාතනය ගැන විමර්ශනය කරන්න ගිහින් ඇගේ නංගිවත් පුච්චල කෲර විදියට මරල දානවා.

ඇත්තටම කව්ද මේ තරම් කෲර විදියේ මිනීමැරුම් කරන්නේ,මොකක්ද ඒකට හේතුව කියල ඔයාලම බලන්නකො.
කාලෙකට පස්සෙ දමිල සිනමාවෙන් ආපු සුපිරි ගණයේ චිත්‍රපටියක් විදියට මේ චිත්‍රපටිය හඳුන්වන්න පුලුවන්.ත්‍රාසය භීතිය කුතුහලය විහිළු හැමදේකින්ම පිරිල තියෙන මේ චිත්‍රපටිය බලන්න කියල ඔයාලට කියන ගමන් මම සමුගන්නවා.

ආයෙත් ඉක්මනට උපසිරසියකින් හම්බෙමු

සියලු දෙනාටම බුදුසරණයි!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ටැමිල්රොකර්ස් HD පිටපත් සදහා පමණක් ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Danny.(2020).Sinhala.Subtitle.rar – Downloaded 10018 times – 30 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

Leave a Reply to Thilina Gajanayaka Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram