spot_img

Tourist Family (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Tourist Family (2025) Sinhala Subtitle

මම අද ඔයාලට කාලෙකට පාරක් එන, හොඳ හිතට සැහැල්ලුවක් ගේන ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. “ටුවරිස්ට් ෆැමිලි” තමයි නම. මේක 2025 ආපු කොමඩි ඩ්‍රාමා එකක්. අභිෂාන් ජීවින්ත් කියලා කෙනෙක් තමයි මේක ලියලා ඩිරෙක්ට් කරලා තියෙන්නේ. මෑන්ගෙ පළවෙනි ෆිල්ම් එක මේ. මිලියන් ඩොලර් ස්ටූඩියෝස් එක්ක MRP එන්ටර්ටේන්මන්ට් තමයි ප්‍රොඩියුස් කරලා තියෙන්නේ.

කතාවේ ප්‍රධාන චරිත කරන්නේ අපි කවුරුත් දන්න ශශිකුමාර් එක්ක සිම්රන්. මතකනේ සිම්රන්ව? ඒ කාලේ ඉඳන්ම සුපිරි නිළියක්නේ. එයාලත් එක්ක තව ගොඩක් දෙනෙක් මේකෙ ඉන්නවා.

දැන් කතාව මොකක්ද කිව්වොත්, අපේ රටේ තිබ්බ ආර්ථික අවුලෙන් පස්සේ, යාපනේ දෙමළ පවුලක් – ඒ කියන්නේ තාත්තා (දාස්), අම්මා (වසන්ති) සහ එයාලගේ පුතාලා දෙන්නා (නිතූෂන්, මුල්ලි) – හොඳ අනාගතයක් හොයාගෙන ඉන්දියාවට යන හැටි තමයි පෙන්නන්නේ. එයාලා වල්ලිපුරම් හරහා රාමේෂ්වරම්වලට එන්නේ වසන්තිගේ අයියා (යෝගි බාබු), ප්‍රකාශ්ගේ උදව්වෙන්.

ඔන්න ඉතින් ඉන්දියාවට ගොඩ බැස්ස ගමන්ම පොලිස් කට්ටියක් අල්ලගන්නවා. කොහොම හරි පොලීසියෙන් ගැලවුනත් එතන ඉදල තමයි සැබෑම ජීවන අරගලය ඇරඹෙන්නෙ. ඒ මොකද කියනව නම් එයාලා නීති විරෝධීව සංක්‍රමණය වුනු ශ්‍රී ලාංකිකයින් නිසා. වෙනත් රටක්, වෙනස් සංස්කෘතියක්, එකම භාෂාව වුනත් වෙනස්ම ශෛලියක්. කොහෙ ගියත් කට නිසා මාට්ටු වීමේ අවධානම ඉහලම පරිසරයක්.

කොහොම හරි නිවසක කුලියට නැවතිලා ජොබ් එකක් හොයන් ජීවිතෙ ගෙවන්න තමයි මේ අයට ඕනේ. ඇත්තටම ලස්සන පවුලක් මෙයාලා. පොඩි කොලුවා තමයි මේකෙ හොඳටම කරන්නේ. හැමෝගෙන්ම මෙයාල ලාංකිකයින් බව හංඟගෙන ඉන්න පුළුවන් වෙයිද මේ අයට? මේ අතර බෝම්බ පිපිරීමකටත් පොළීසියෙන් පිරිසක්ව හොය හොය ඉන්න තත්වෙක තමයි මෙයාලත් මෙහෙම ජීවිතෙ ගෙවන්නේ.

ඔයාල මේක බලලම ඉන්නකො.

ඉතින් , “ටුවරිස්ට් ෆැමිලි” කියන්නේ නිකම්ම හිනාවෙන කතාවක් විතරක් නෙවෙයි. පවුලක තියෙන බැඳීම, අනුන් වෙනුවෙන් කරන උදව්, මනුස්සකම වගේ දේවල් ලස්සනට පෙන්නන ෆිල්ම් එකක්. අපේ රටේ ප්‍රශ්නත් එක්ක සම්බන්ධ නිසා අපිටත් ගොඩක් දැනෙන කතාවක් මේක. බලන්න චාන්ස් එකක් ලැබුණොත් අනිවා බලන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD (original) පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා tmv පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. බොහෝම ස්තූතී..කාලයක් බලාන හිටිය මේ සාබ් එක එනකන්..ජය

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram