More

    Dhrusti (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    දීර්ඝ කාලයකට පස්සෙ ඔන්න මම ආයෙමත්  චිත්‍රපටයකට උපසිරසියක් අරගෙන ඔයාල හමුවට ආවා,අද මම අරගෙන ආවෙ 2019 වසරේ ජූලි මස නිකුත් වූ Crime/thriller/drama ගණයට අයත් තෙලුගු චිත්‍රපටයක්  මෙම චිත්‍රපටය ගැන කිසිම දෙයක් අන්තර්ජාලයේ නැත.මෙය නිකුත් කරන්නෙ දෙසැම්බර් 27 බව පමණක් සදහන් වී ඇත.එබැවින් මෙයට කිසිම imdb අගයක් හිමි වී නැත.imdb අගයක් නොමැති වුවත් මෙම චිත්‍රපටය ඉතා සාර්ථක එකක් කියල කියන්න ඕනී

    Rahul Raveendran හා pawani gangireddy මෙහි ප්‍රදාන චරිතයන් නිරූපනය කරනවා.ram abbaraju විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙනවා. කතාව පැත්තට හැරුනොත් මුල ඉදලම නරඹන්නන්ව කුතුහලයකට පත්කිරීමට චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.කතාව පටන් ගන්නේම ශේකර් කියල කෙනෙක්ගේ මරණයකිනි.ඒකට සැක පිට අපේ කතාවෙ වීරයව(මෝහන්ව)පොලීසියෙන් අත්තඩංගුවට අරන් ප්‍රශ්න කරනවා.නමුත් ඔහු ඉතා අහිංසක ඡායාරූප ශිල්පියෙක් කියල පසුව පොලීසියට තේරෙනවා.එහෙනම් ඇත්තටම මෙයාව කවුද මැරුවේ?මොකටද මරුවේ?මේ ප්‍රශ්න වලට උත්‍තර දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.මරණයකින්ම පටන් ගන්න මෙම චිත්‍රපටයේ අවසානයේදී දරුණුම ගණයේ අපරාධ රැසක සුලමුල සොයාගැනීමට හැකිවෙනවා.අපේ වීරයට එයාගෙ වීරවරියව හම්බෙන්නෙත් එක ආතල් වැඩක් නිසා.එහෙනම් ඒ සියල්ලම දැනගන්න ඔයාලට චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරනවා.ආරම්භයේ සිටම කිසිම කම්මැලිකමක් නැතුව ඔයාලට චිත්‍රපටය බලන්න පුලුවන්.මෙහි විශේශත්වය වන්නේ කිසිම ගීතයක් මෙහි අඩංගු නොවීමයි. එහෙනම් ඔයාලට චිත්‍රපටය බලන්න කියන ගමන්ම මම සමුගන්නවා..බුදුසරණයි !!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Dhrusti.(2019).Sinhala.Subtitle.rar – Downloaded 122 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram