spot_img

Extremely Wicked, Shockingly Evil And Vile (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ජෝ බ(ර්)ලින්ග(ර්) විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ “Extremely Wicked, Shockingly Evil and Vile” චිත්‍රපටය නිර්මාණය වන්නේ සත්‍ය කතාවක් ඇසුරිනි. ඇත්තටම මේක චරිතාපදාන සහ අපරාධ ඝනයට අයත් චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත වලට පණ දෙන්නේ ලිලී කොලින්ස් සහ සැක් එෆ්රොන් ය.මෙය දිවෙන්නේ මේ කතාවේ එන කතා නායකයා චෝදනා ලැබූ අපරාධ නඩුව හරහාය. මෙම අපරාධ නඩුව ඇමරිකාවේ රූපවාහිනී වලින් සජීවීව තිරගත වීමත් විශේෂත්වයක්ය.

මේ චිත්‍රපටයේ ඇත්තෙන්ම ටෙඩ් බන්ඩි නම් පුද්ගලයෙකුගේ අපරාධ ජීවිතය ආශ්‍රය කරගනිමින්, එම සත්‍ය කතාවම නැවත නිර්මාණය කිරීමක් සිදු කර ඇත. ටෙඩ් බන්ඩි යනු 1946 ඇමරිකාවේ උපත ලද ඉතාමත් සාමාන්‍ය පවුලක හැදී වැඩුනු තරුණයෙකි. නමුත් මොහුව පැහැර ගැනීමකට තැත් කිරීමකට සැක පිට අතඩංගුවට ගත්තත් උසාවියේදී එය සනාත කිරීමට අසමත් වෙයි. එසේ තිබියදීත් මොහුව දිගින් දිගට සිරගත කරමින් ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට මාරු කරමින් අමානුශික ලෙස සිදු කල කාන්තා මිනීමැරුම් කිහිපයකට සහ පැහැරගැනීම් චෝදනා ඉදිරිපත් කරයි.

කිසිසේත්ම මේ චෝදනා පිළිනොගන්නා ටෙඩ් බන්ඩි, අවසානයේ ඔහුගේ නීතිඥයා ලෙසද පෙනී සිටිමින් සියල්ලන්ට විරුද්ධව සටන් වදින්නේ නිදහස් වීමේ ස්ථීර බල්ලාපොරොත්තු තබාගෙනය.

නමුත් අවසානයේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේදී මොහුට මරණ දන්ඩණ තුනක් නියම වන්නේ වෙන්වූ නඩු දෙකකිනි. ඒ කෙසේ වෙතත් අවසානය තක්වාම තමන් නිර්දෝෂී බව පවසන ටෙඩ් බන්ඩි තමන්ගේ දණ්ඩනයට කළින් පාපොච්චාරණයක් සිදු කරන්නේ සියළුදෙනා භීතියට පත් කරමිනි. අවසානයේ ටෙඩ් බන්ඩිට විදුලි පුටුවේ දණ්ඩනයට යටත් වීමට සිදු වෙනවා. මෙම චිත්‍රපටයේ නම ලෙස යොදාගෙන තිබෙන්නේ ටෙඩ් බන්ඩිට දණ්ඩනය දුන් විනිසුරු තුමාගේ වචන වලින් උපුටාගත් සඳහනකි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඇන්ජෙලා කුමාරසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram