spot_img

Father Of The Year (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න කට්ටියට මම අද ගෙනාවෙ කිසිම කතාවක් නැතිව පැය එකයි මිනිත්තු 34ක් පුරාවට බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් මේ අවුරුද්දෙ නිකුත් වුණ සුපිරිම කොමඩි ෆිල්ම් එකක් අරගෙන. ඇත්තටම පෞද්ගලිකව මේ අවුරුද්දෙ මම බලපු සුපිරිම කොමඩිය. මට මේකෙ සබ් එක කරනකොටත් හිනා යන එක නවත්තගන්න බැරිවුණා. ගෙදර අයත් කාමරේට එබිල බලනවා තනියම හිනා වෙන්නෙ මූට පිස්සුද කියලා😀😀😀

ඉතිං ෆිල්ම් එක ගැන විස්තර කලොත් NETFLIX ආයතනයෙන් කරපු සුපිරිම වැඩක් තමයි මේක.ඩේවිඩ් ස්පේඩ්, නැට් ෆැක්සන් සුපිරිම තාත්තලා විදියටත්ජෝයි බ්‍රැග්,මැට් ශිව්ලි පුතාලටත් රඟපානවා.මමත් ක්‍රෂ් වුණ බ්‍රාජට් මෙන්ඩ්ලර් බෙන්ගෙ පෙම්වතිය(හයියෝ මතක් වෙනකොට) විදියටත් රංගනයෙන් දායක වෙනවා.ගූගල් පරිශීලකයින් 87%කුත්, Imdb ප්‍රේක්ෂක ප්‍රතිචාරය 5.2කුත් මේකට ලැබිල තියනවා.

කතාව ගැන නම් කියන්න දෙයක් නෑ. ඉන්නවා හාදයෙක් බෙන් කියලා.එයාට ඉන්නව හොඳම යාළුවෙක් ලැරී කියලා. එතකොට බෙන්ගෙ තාත්තා තමයි වේන් ඕමැලී කියන්නෙ.(වසරේ පියා😀😀😀)බෙන් කැම්පස් එහෙම ගිහිං ඉවර වෙලා නිව්යෝක් වල පරිසර හිතකාමි ආයතනයක ජොබ් එකට යන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ.ඉතිං ගිහම්හාන නිවාඩුවට බෙන් එනලා ලැරී එක්ක තාත්තව බලන්න.එයාලගෙ කතාව මම එතනින් නවත්තනවා.ලැරී කියන්නෙ සුපිරි මල්ලි කෙනෙක් ඉන්න අයියා කෙනෙක්.සුළුපියා විද්‍යාඥයෙක්.මලයා ඒඩින්ට වයස අටයි.හැබැයි වැඩ නම්… ඒ ගැන කියල වැඩක් නෑ.කියන්න බැරි වුණානෙ.ලැරිත් බෙන් එක්ක නිව්යෝර්ක් යන්න තමයි ප්ලෑන් එක.හැබැයි ගෙදරින් කැමති නෑ ලැරී නිව්යෝර්ක් යනවට.ඒ එයාලගෙම අකමැත්ත හින්දමත් නෙමෙයි.අහල පහල ගෙවල් වල උන්ගෙ කතා හින්දා(අපේ ගෙවල් වල වගේම😀😀😀)”බෙන් යන්නෙ ජොබ් එකටනෙ, තමුසෙ නිකං එහෙ ගිහිං මොනව කරන්නද. දන්නවද අහල පහල මිනිස්සු කියන කත….බ්ලා..බ්ලා..බ්ලා..” ඔන්න ඔහොම කියලා ලැරීගෙ අම්මා යෝජනාවක් ගේනවා ලැරීට තාත්ත එක්ක විද්‍යාගාරෙ වැඩට යන්න කියලා ජොබ් එකක් ලැබෙනකම්. ඔන්න එයාලගෙ කතාවත් මම එතනින් නවත්තනවා.ලැරීගෙ තාත්තා මර්ඩිටයි බෙන්ගෙ තාත්තා වේන්ටයි අපූරු අතීත කතාවක් තියනවා.ඔන්න ඕක නිසා පටන් ගන්නවා ලෝක යුද්ධයක්..

ඉතිං අරගෙනම බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ කතාව. මම සහතික වෙනවා මේකට හිනා ගියෙ නැත්තං ඉතිං ආයෙ කියල වැඩක් නෑ.ඒක එක දේවල් වලට හිර වෙලා ඉන්න ජීවිතේ ටිකක් හිනා වෙලා ඔළුව ටිකක්ස සැහැල්ලු කරගන්න මේක අනිවාර්යයෙන් බලන්න කියලා මම යෝජනා කරනවා.ඒ මම සබ් එක කරපු නිසාම නෙමෙයි හොඳේ. එහෙනහ් ගිහිං එන්නම්.ජය වේවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram