spot_img
spot_img

Ghost (2012) කතාමාලාවේ සියළුම සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Ghost (2012) Sinhala Subtitle

Ghost. Phantom Yooryung Sinhala Subtitle

 

මේ කොරියානු කතා මාලාවේ උපසිරැසිය මම කරලා දැන් ගොඩාක් කාලයක් වෙනවා. ඇත්තටම මේක තමයි මම මුලින්ම කරපු සිංහල උපසිරැසිය. ‍මේක කලේ මගේ ආදරණීය බිරිඳ වෙනුවෙන්. හැබැයි මේක මට අන්තර්ජාලයට දාන්න උවමනාවක් තිබුනේ නෑ. එකම එක ‍වෙබ් අඩවියක දාලා තිබ්බා. ඒක නිසාම තමයි දැන් මේක ආයේ හොයාගන්න ලැබුනෙත්. හැමෝටම බලන්න හිතාගෙන, Zoom.lk එකෙන් තමයි මතක් කලේ මම මෙහෙම එකක් කලා නේද කියලා.

කිම් වූ-හ්‍යුන් කියන්නේ ඉහල පොලිස් නිළධාරියෙක්ගේ පුතෙක්. ඔහු අති දක්ෂ සිසුවෙක්. ඒ නිසාම, ඔහු උසස් අධ්‍යාපනයෙන් පළමු ස්ථානයට පත්වෙනවා. ඊටපස්සේ පොලිස් ඇකඩමියට බැ‍ඳ‍ෙන කිම්, එයිනුත් පළමු ස්ථානයට පත්වන්නේ නිතැතින්. රැකියාව විදියට ඔහුව අනුයුක්ත කරන්නේ CID එකට. ඒ කියන්නේ Cybercrime Investigation Division (පරිගණක අන්තර්ජාලය හා සම්බන්ධ අපරාධ විමර්ෂණ අංශය). ඔහු මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයොජන ගනිමින්, සයිබර් අවකාශයේ සිදුවන අපරාධ රැසක් හෙලිදරවු කරගන්නවා.

කොරියාව ගොඩාක් විවිධත්වයෙන් යුක්ත කතා නිර්මාණය කලත්, අන්තර්ජාල අපරාධ සම්බන්ධ කතා නිර්මාණය වෙනවා දකින්නේ ගොඩාක් අඩුවෙන්. මේ 2012 කාලයේදී වුනත් අති දක්ෂ විදියට නිර්මාණය වුණු එවැනි කතා මාලාවක්. ගොඩාක් පරිගණක සම්බන්ධ වචන තියෙන නිසා සහ ඒ කාලේ තියෙන අත්දැකීම් අඩු බව නිසා, මේ උපසිරැසියේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාව ඉල්ලනවා.

රඟපෑමෙන් දායක වෙනවා Kim Yun-tae (අපරාධ අංශයේ නායකයා), So Ji-Seob (කිම් වූ-හ්‍යුන්), Lee Yeon-Hee (යූ කන්ග්-මී), Jang Hyun-Sung (අධ්‍යක්ෂක ජන් ජේ-වූක්) ඇතුළු පිරිසක්.

එහෙනම්, මේ කොටස් 20කින් සමන්විත රූපවාහිනී කතා මාලාව රසවිඳින්න ආරාධනා කරනවා. ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින්ද ලබාගත හැක නැතහොත් ඩ්‍රාමාඩේ වෙබ් අඩවියට පිවිසෙන්න

 

Download “Ghost Phantom Yooryung (2012) සිංහල උපසිරැසි” Ghost.Phantom.Yooryung.Sinhala.Subtitle.zip – Downloaded 332 times – 358 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ස්තූතියි නිලූෂ සහෝ උපසිරැසියට…
    මේකට ගැලපෙන වීඩියෝ පිටපත සයිට් එකට දානවද …..
    නැත්නම් ඩවුන්කරන්න පුලුවන් සයිට් එකක් කියනවද…..

  2. ගොඩක්ම ස්තූතියි නිලුෂ ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram