More

    Ghosted (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Ghosted (2023) Sinhala Subtitle

     

    කෝල් ටර්නර් කියන්නේ වොෂිංටන් නගරයට එලියෙන් තියෙන ගමක ඉන්න ‍ගොවියෙක්. එයාගේ ජීවිකාව විදියට කරන්නේ ගොවිපලේ නිෂ්පාදන, වෙළඳපො‍ේ විකුණන එක. හදිස්සියේම දවසක කෝල්ට හමුවෙනවා, ලස්සන කාන්තාවක්. ඇය එන්නේ ගෙදර තියාගන්න සුදුසු පැළයක් අරගන්න. අසල්වැසි ‍වෙළඳ කුටියක කාන්තාවකගේ බලකිරීම නිසාම, කෝල් යනවා ඒ ලස්සන කාන්තාව පස්සෙන්. ඒ තමයි සේඩී. ඒ ඇති‍වෙන දැන හැඳුනුම්කම, ‍මොන වගේ තත්වයකට පත්වෙයිද? ඇත්තටම මේ හදිස්සියේ ආපු ‍සේඩී කවුද? කෝල්ට මේ ලස්සන කෙල්ලව දරාගන්න පුළුවන් වෙයිද?

    Chris Evans සහ Ana de Armas කියන්නේ, ‍‍‍හොඳටම ගැල‍පෙන යුවලක්නේ. එයාලා ‍‍දෙන්නාම ඉන්න චිත්‍රපටියක් අතහරින්නේ කොහොමද? මේ චිත්‍රපටිය තමයි Ghosted (2023). විශේෂත්වයක් තියෙනවා මේ චිත්‍රපටිය නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙන්නේ, අපේ මේ ප්‍රධාන නළු නිලි යුවල. ඔවුන් දෙ‍දෙ‍නා තව කිහිපදෙනෙක් සමඟින් එකතු වෙලා, Apple Studios සමාගම එක්ක තමයි නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා බෙදාහැරීමේ කටයුතු භාරගෙන තියෙන්නේ Apple TV+ සමාගම.

    චිත්‍රපටි අධ්‍යක්‍ෂකවරයෙක් වගේම දක්‍ෂ නළු‍‍වෙක් වෙන Dexter Fletcher තමයි මේකේ අධ්‍යක්‍ෂකවරයා. ඔහු විසින් රඟපෑමට ‍තෝරගත්තේ Chris Evans (කෝල්), Ana de Armas (සේඩී), Adrien Brody (ලෙවේක්), Mike Moh (වැග්නර්) ඇතුළු පිරිසක්.

    මේ චිත්‍රපටියට මුලින්ම ‍‍යෝජනා වෙලා තියෙන්නේ Scarlett Johansson ව. මොකද Chris Evans එක්ක චිත්‍රපටි කීපයකම එයා රඟපාලා තියෙන නිසා. ඒත් දින ප්‍රශ්නයක් නිසා, Knives Out (2019) සහ The Gray Man (2022) වල එකට රඟපාපු Ana de Armas ව ප්‍රධාන චරිතයට යොදාගෙන තියෙනවා. මගේ පුද්ගලික මතය නම්, මේ චරිතයට හොඳටම ගැලපෙන කෙනාව අරගෙන ති‍‍යෙනවා කියලා. මොකද, මේකේ තියෙන ප්‍රහසන ගතිය සහ ක්‍රියාදාම ගතිය, දක්‍ෂ විදියට රඟපාලා තියෙනවා.

    මේ චිත්‍රපටිය වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මොකද ‍මේක ආදර කතාවක් විදියට ගලා‍ගෙන යන ක්‍රියාදාම චිත්‍රපටියක්. සිපගැනීම් සහ ලිංගික ආලිංගන කීපයක්ම චිත්‍රපටියේ අඩංගු වෙනවා.

    ‍වෙබ් රේටිං ගැනත් ටිකක් කියන්නම්. ‍ගොඩ දෙනෙක් විශ්වාස කරනවා, මේකේ ප්‍රධාන චරිත දෙකට මීට වඩා දෙයක් කරන්න තිබ්බා කියලා. මොකද, හොලිවුඩ‍යේ ‍හොඳම දෙපලක් චරිත වලට පණ ‍පොවන නිසා. නමුත්, මගේ අදහස, චිත්‍රපටිය සාර්ථකයි කියලා. ආදර කතාවක්, ක්‍රියාදාම චිත්‍රපටියක් ඇතුලේ ලස්සනට ගලාගෙන යනවා. සංස්කෘතික වෙනස්කම් හමුවේ වෙනස් මතබේධ තිබ්බාත්, මේක අපිට රසවිඳින්න පුළුවන් කතාවක්. ඒ නිසා, ‍රේටිං අඩුයි කියලා, නොබලා ඉන්න එපා.

    එහෙනම්, මේ ලස්සන චිත්‍රපටිය මගේ උපසිරැසි එක්ක රසවිඳින්න ආරාධනා කරනවා! හැමදාම වගේ, හොඳ නරක, අඩුපාඩු, ගල් මල්, අදහස් යෝජනා අපිට කියන්න. මොකද, අ‍පේ කණ්ඩායම කොයි වෙලාවකවත්, google translated උපසිරැසි දෙන්නේ නෑ. අපිම පරිවර්තනය කරලා, අළුතෙන් උපසිරැසි අංකනය කරලා තමයි මේවා දෙන්නේ. එහෙනම්, ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Ghosted (2023) සිංහල උපසිරැසි” Ghosted.(2023).Sinhala.Subtitle.rar – Downloaded 2282 times – 965 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram