spot_img

Dream High (2011) පළමු කතාමාලාවේ සියළුම සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Dream High (2011) (Sinhala Subtitle)

 

 

මේක වැඩියෙන්ම හොඳ සංගීතයට ලැදි අයට. ඒ වගේම පසල් කාලෙ ආදර කතා වලට සම්බන්ධ වුනු අයට. එහෙම නැති වුනත් කමක් නෑ.දැන් කතාව ගැන පොඩි සාරාංශයක් අහගන්න. මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ එකිනෙකට වෙනස් ජීවිත ගත කරන උසස් පාසල් ළමයින් හය දෙනෙක්ව. මෙයාලගෙ ජීවිත කතාවන් ගොඩක්ම වෙනස් වුනාට හැමෝටම එකම සමාන කමක් තියෙනවා. ඒ තමයි සංගීතයට තියෙන ආසාව. මේ හය දෙනාම උසස් පාසල් සිසුවො. කතාව පටන්ගන්නෙ මේ හය දෙනාම කිරින් කියන කලා පාසලේ ඇත්ලත් වීමේ පරීක්ෂණයට මුහුණ දෙන්න යනකොට. එතනින් පස්සෙ මෙයාලා තමන්ගෙ අනාගතය ගොඩක් කරදර මැද්දෙ හදාගෙන සාර්ථක වෙලා ප්‍රසිද්ධ ගායක ගායිකාවො වෙන හැටි තමයි කතාව තුල යන්නෙ. මේ කතාව ඇතුලෙ ප්‍රධානම ආදර කතාවක් යනවා වගේම ඊට අමතරව තව ආදර කතා දෙකක් යනවා. මේ ඔක්කොම ගොඩක් විහිළු තියෙන ඒවා. ඒ වගේම මම කලිනුත් කිව්වනෙ මේක සින්දු අහන්න ආස අයට හොඳ කතාවක් කියලා. ඒ කියන්නෙ මේ කතාවෙ ඉන්න එක ප්‍රධාන පිරිමි චරිතයක් හැරුනාම අනිත් චරිත පහම ඇත්ත ජීවිතේ ගායක ගායිකාවො. එයාලගෙ දක්ෂතා ගැන ඔයාලට කතාව තුල ‍හොඳට බලාගන්න පුළුවන්. අනිත් චරිතයත් එයාලට දෙවෙනි නෑ.

මම මේ කතාවෙ දැක්ක තවත් දෙයක් තමයි ආදර්ශ. තමන්ට හැමදේම අතාරින්න හිතුනම තමන්ට ධෛර්යය දෙන හැටි මේ කතාවෙ හොඳට තියෙනවා. මට මේ කතාවෙ අන්තිම කොටස බලලා ඉවර වෙනකොට තදින්ම ඒ ගැන හිතට වැදිලා තිබුනා. මොකද ඒ තරම්ම මේකෙ තියෙන දෙබස්, සංගීතය කියන දේවල් හොඳටම හදලා තියෙනවා. මේ සින්දු වලින් පවා එයාලා ආදර්ශ දෙන්න අත්සාහ කරලා තියෙනවා. ඒ නිසා මමත් හිතනවා මේක ඔයාලගෙත් හිතට වැදෙන කතාවක් වේවි කියලා. මේකෙන් සමහරවිට ඔයාලට ඔයාලගෙම ජීවිත වුනත් බලාගන්න පුළුවන් වේවි. මම කියන්නෙ මේ කතාව ගන්න එක ඔයාලට අපරාදයක් වෙන්නෙ නෑ කියලා. අරගෙන බැලුවොත් ඔයාලා ඒ ගැන පසුතැවෙන්නෙත් නෑ කියලා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින්ද ලබාගත හැක නැතහොත් ඩ්‍රාමාඩේ වෙබ් අඩවියට පිවිසෙන්න

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සචින් ප්‍ර‍භාෂ්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි සචින් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram