today-is-a-good-day
More

    Godzilla Vs Kong (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් Warner Brosලගෙ Monsterverse ෆිල්ම් සීරීස් එකේ 4වන ෆිල්ම් වෙනි එක වෙන Godzilla Vs Kong චිත්‍රපටය අරගෙන තමයි අද අපි ආවෙ. මීට කලින් මේ ෆිල්ම් සීරීස් එකේ ෆිල්ම් 3ක් නිකුත් වුනා සමහරවිට ඔයාලා බලලත් ඇති නැතුවත් ඇති.
    ඒවා තමයි Godzliia (2014)
    Kong Skull Island (2017)
    Godzila King Of The Monsters (2019) කියන්නේ..

    මේ ෆිල්ම් එකිනෙකට එකක් ක්‍රොස් වෙන්නේ නෑ.. මොකද ස්කල් අයිලන්ඩ් එකේ කතාව එක්දාස් නවසිය ගනන්වල එකක්නේ… හැබැයි ඉහත චිත්‍ර‍පටි ටික පිලිවෙලට බලලා තිබ්බේ නැත්නම්.. මේ කතාව තේරුම් ගන්න ටිකක් අපහසු වේවි… ඒ සියළු ෆිල්ම් වල උපසිරැසිත් සූම් එකේම තියනවා.. කොහොම හරි ගොඩ්සිලා (ජපන් බසින් ගොජිරා) සහ කොන්ග්ව හම්බවෙන්නෙ මේ GvK චිත්‍රපටය තුලදි. කොහොම වුනත් කොරෝනා වසංගතය හමුවේ පස්සට ඇදුන චිත්‍රපට අතරින් එකක් තමයි මේ GvK කියන්නෙත්. මේ මාසෙ 26 සිනමා ශාලා සඳහා වගේම අද දවසෙ ඒ කියන්නෙ මාර්තු 31 තමයි මේක HBOMax හරහා ස්ට්‍රීම් වෙන්න නිකුත් කරන්නෙ. මෙහි අධ්‍යක්ෂනය Adam Wingard විසින් වගේම තිරරචනය Eric Pearson, Max Borenstein යන අය අතිනුයි සිද්ද වෙන්නෙ. මේක මේ වෙද්දි IMDb හි 7.4ක අගයක් සහ RT හි 80%ක අගයක් ලබාගෙන තියනවා

    කතාව ගැන කියනවනම් කොන්ග්ව විශේෂයෙන් නිර්මානය කරපු වනාන්තරයක් වගේ විශාල කුටියක් ඇතුලෙ තමයි රඳවලා තියෙන්නෙ. ඉස්සරට වඩා ඌ දැන් ටීකක් ලොකුයි. ට්‍රේලර් එකේ එහෙම දකින්න ඇති ගොලු ගෑනු ලමයෙක් ඉන්නවා එයා එක්ක. ඉතිං ඔයාලා මොන්ස්ටර්වර්ස් ෆිල්ම් දිගටම බැලුවනම් Hollow Wolrd කියලා එකක් ගැන දන්නවා ඇති, කියවෙන විදියට ඒක තියෙන්නෙ පෘථිවි කුහරයේ, ඒ කියන්නෙ පෘෂ්ටයෙන් ඇතුලෙ. අලුත් තාක්ෂණික දේවල් නිපදවන සමාගමක් තමයි Apex කියන්නෙ. ඉතින් මෙච්චර කල් මිනිස්සු වෙනුවෙන් අනිත් ටයිටන්ලා එක්ක සටන් කරපු ගොඩ්සිලා මේ එපෙක්ස් ආයතනයට පහර දෙන්න ගන්නවා එකපාරටම. ඉතිං ඇයි ගොඩ්සිලා එහෙම කරන්නෙ? එයා මිනිස් වර්ගයාට තර්ජනයක් වෙයිද? ඉතිං ඔය නිසා එයාලට ඕන වෙනවා ගොඩ්සිලාව විනාශ කරන්න. වැඩිය කතා ඕන නැ. චිත්‍රපටය බලලම එන්න. කලින් ෆිල්ම් සෙට් බැලුවෙ නැත්තම් ඒ ටික බලලම ඉන්න.

    ෆිල්ම් එක නිකුත් වුනේ අද දවල් 1ට වගේ. ඉතිං පැය කිහිපයකින් මේක කරලා දාන්න උදව් කරේ ලහිරු අයියා. ලංකාවෙ ලොකු හයිප් එකක් හැදුන ෆිල්ම්වලින් එකක්නෙ මේක. ඒ නිසා හැකි ඉක්මනින් කරලා දෙන්න දරපු අපෙ උත්සහය සාර්තකයි කියලා හිතනවා. එහෙනම් අදට යන්නම්. ඔබ සැමට සුභ දවසක්!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Godzilla Vs Kong (2021) සිංහල උපසිරැසි” Godzilla.Vs.Kong.(2021).Sinhala.Subtitles.rar – Downloaded 44127 times –

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    33 COMMENTS

    1. බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි.

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. Coming 2 America – 2021 ෆිල්ම් එකට උපසිරැසි දෙන්න පුලුවන්ද ?

    4. මේ අවුරුද්දේ ආපු සුපිරිම ලස්සනම flim එක ඔයාලගෙන් පලවෙනියෙන්ම ඔයාලගෙන්
      ගන්න ලබුනට සතුටුයි ….. ජය වේවා..

    5. ගොඩක් ස්තූතියි tv වලටත් සබ් දුන්නට.ජයෙන් ජයම වේවා❤️🙏

    6. උපසිරසිය ඉක්මනට ලබා දීමට කටයුතු කල ඔබ දෙදෙනාටම බොහො ස්තූති.මෙම යහපත් හා විශාල නරබන්නන් පිරිසකගෙ චිත්‍රපටය තේරුම් ගැනීම වැඩි කිරීමට වන ක්‍රියාව බොහො අගය කරමි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram