More

    Gurkha (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    මේ වසරේ නිකුත් උන comedy/thriller ගණයට අයත්වෙන Gurkha නම් දමිල සිනමා පටයටයි අද මම උපසිරසි අරන් ආවේ.5.7ක imdb අගයක් වගේම 88% ගූගල් කැමත්තකුත් හිමිවෙලා තියෙන මේ චිත්‍රපටය පැය 2 විනාඩි 25 පුරාවට හිනාවෙවී එකම හුස්මට බලල දාන්න පුලුවන්. කතාවේ නළු නිළියන් ගැන බලද්දි ඔයාලටම ඒක හිතාගන්න පුලුවන්. ප්‍රධාන චරිතය දමිල සිනමාවේ විකට රජෙක් මෙන් සිටින yogi babu (බහුදූර් බාබු) නිරූපණය කරනවා. ඒ වගේම තවත් දමිල විකට නළුවන් රාශියක් මේ සිත්තම තුලින් දැක බලාගන්න පුලුවන්.ඒ අතරින් Anandaraj,manobala,mayilsamy,charle,ravi maria කියන ශිල්පීන් ප්‍රමුඛත්වයක් අරන් තියෙනවා. යෝගි බාබූ සාමාන්‍යෙන් දමිල සිත්තමක පොඩි කොටසකට තමයි සහභාගී වෙන්නේ.ඒ පොඩි කොටසෙන්ම රසිකයන් කීදෙනෙක්වම හිනස්සන්න එයා සමත්වෙලා තියෙනවද?ඉතින් හිතාගන්නකෝ මේ මුළු චිත්‍රපටය පුරාම ඔහුගේ චරිතය දිව යන කොට ඔයාලව කොච්චර නම් හිනස්සයිද?

    කතාව පැත්තත් බැලුවොත් බාබු කියන්නේ ගුර්කා කියන පරම්පරාවකින් එන කෙනෙක් (ගුර්කා කියන්නේ අතීතයේ තමිල්නාඩුවේ ගම් ආරක්ෂාකරන්න හිටපු මිනිස්සු ජාතියක්).එයා එයාගෙ ආච්චි සහ තවත් ගුර්කාවරයෙක් එක්ක තමයි ඉන්නේ.ගුර්කි පරපුරේ අවසන් පුරුක තමයි අපේ බාබු කියන්නේ.එයා අවුරුදු ගානක් තිස්සෙ පොලිස් රස්සාවට යන්න කැමැත්තෙන් හිටිටත් යම් හේතුවක් නිසා එයාට පොලීසියට බැදෙන්නම වෙන්නෙ නෑ. එයා පොලිස් පුහුණුවට ගියත් එයාගෙ ආතල් නිසා එතනින් එලවගන්නවා.ඉතින් පාර අයිනට වෙලා ඉන්න බාබුට සිකුරුටි සර්විස් එකක සේවකයින් අවශ්‍යයි කියල පත්‍රිකාවක් හම්බෙනවා.ඉතින් බාබූ ඒ රස්සාවට ඇතුලත් වෙනවා.ටික දවසක් රස්සාව කරාට පස්සෙ එයාව ඒ තැනින් සාප්පු සංකීර්ණයකට මාරුකරනවා.එතනින් පස්සෙ තමා හොදම වැඩේ වෙන්නේ.ඒ සාප්පු සංකීර්ණය ත්‍රස්තවාදීන් කල්ලියක් යටත් කරගන්නවා.ඒත් බාබු ඒ සංකීර්ණය ඇතුලෙමයි ඉන්නේ.ඒ බවක් ත්‍රස්තවාදීන් දන්නෙත් නෑ..සාප්පුවේ ත්‍රස්තවාදීන් තියාගෙන ඉන්න ප්‍රාණ ඇපකරුවන්ව බේරගන්න බාබු ගහන ආතල් ගේම් තමයි ඊලඟට වෙන්නේ..ඉතින් කතාව කිව්වා ඇති නේ? කතාව බැලුවම ඔයාටම තේරේවි මේක කොච්චර ආතල්ද කියලා.

    චිත්‍රපටය බලලම තීරණය කරන්නකෝ කොහොමද ආතල් කියලා..එහෙනම් මං කැපුනා බුදුසරණයි !!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Gurkha.(2019).rar – Downloaded 151 times – 56 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram