spot_img

Hi Hello Kaadhal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් කෙටි චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි Hi Hello Kaadhal කියන ෂෝට් ෆිල්ම් එකට. නම දමිළ වගේ උනාම මේක මලයාලම් එකක්. Romance,Musical කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ.

සමාජ ජාල වලින් හමුවුණ මිතුරන්, පෙම්වතුන් ගැන අහලා තියෙනවද? අන්න ඒ වගේ තවත් පුංචි ආදර කථාවක් තමයි මේකත්. මේ ආදරය හමුවෙන්නේ “Smule” ඇප් එක හරහා. ඔව් අර සිංදු කියන ඇප් එක. ඉතිං එහි “වෙල්ලෙයි පූවේ” කියන ගීතය මතින් “හායි..හෙලෝ..” ආකාරයෙන් ඇරඹෙන කථා බහක් ආදරයක් විදියට පෙරලෙන හැටි ඔයාලට බලාගන්න පුළුවන්. අර්ජුන් කියන්නෙ කැෆේ එකක වැඩ කරන කෙනෙක් වගේම එහි ගීත ගායනා කරන කෙනෙක්.
සෘතී කියන්නෙ රැකියා අපේක්ෂිකාවක්. ඇයව ඉන්ටවීව් වලින් ෆේල් වෙන්නෙ ඇයගෙ ගොත ගැසීම නිසා. ඉතිං මේ ගොතෙත් එක්කම සුන්දරව ඇරඹෙන කථාව ඔයාල අනිවාරෙන්ම බලන්නකො. තව තිබුණා නම් කියලා හිතේවි අනිවාරෙන්ම.

ඔයාලම 96 දමිළ චිත්‍රපටිය මතක නම් ඒකෙ කුඩා කල චරිතයව පණ පෙව්ව නිළිය මතක ඇතිනේ.එයා තමයි මේකෙත් ඉන්නෙ. හොද හැකියාවක් තියෙනවා වගේම අනාගතේ දක්ෂ නිළියක් වේවි කියලා හිතනවා. ඉතිං මේක දමිළ ගීතයක් තමා පුරා විනාඩි 26 තුළම සක්මන් කරන්නෙ. එයට අසා ලිවීමක් කරල දුන්න ලහිරු අයියටත් ස්තුති කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram