More

    Kazhugu 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ මාසයේ නිකුත් වෙච්ච අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.ගූගල් පරිශීලකයන්ගෙන් 85% කැමත්තක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 10න් 6ක imdb අගයක් හිමිවෙලා තියෙනවා. 2012 වසරේ නිකුත් වූ kazhugu චිත්‍රපටයේ දෙවනි චිත්‍රපටය තමයි kazhugu 2 ලෙසින් මෙලෙස නිකුත් වෙලා තියෙන්නේ. kazhugu 1 චිත්‍රපටය බැලුවෙ නෑ කියල මේ චිත්‍රපටය බලන අයට ඒකෙන් කිසිම බාධාවක් වෙන්නේ නෑ. Kazhugu 1 චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයන් නිරූපණය කරන්නේ දමිල සින්මාවෙ විශිෂ්ඨ නළුවෙක් වන Krishna (ජොනී) සහ සුරූපී නිලී Bindu Madavi (මර්ලි) විසිනි.

    කතාව පැත්තට හැරුනොත් ජොනී සහ කාලි කියන්නේ ගමක ඉන්න ලෝක හොරු දෙන්නෙක්.දවසක් ඒ දෙන්නව ගමේ මෝලක් කැඩුවා කියල පොලීසියෙන් අරගෙන යනවා.පොලීසියෙන් එයාලව උසාවියට අරගෙන යන අතරතුර ඒ දෙන්නා පොලීසියේ තුවක්කු 2කුත් අරගෙන වාහනෙන් පැන ගන්නවා.ඔය අතරෙදි තමයි චෙන්නයී වල කැලයක ඉන්න රතු බල්ලන් නම් දරුණු සතුන් විශේෂයක් නිසා කැලේ කපන්න යන්න බයේ ඉන්න මිනිස්සුන්ගෙ බය නැති කරන්න දඩයක්කාරයොන්ව හොයාගෙන එන ගමේ ව්‍යාපාරිකයෙක්ගේ සේවකයෙක් මේ දෙන්නව දකින්නේ.අතේ තුවක්කුත් තියාගෙන මේ ඉන්නෙ දඩයක්කාරයො 2 තමයි කියල හිතාගෙන එයා මේ දෙන්නව ඒ කැලේට එක්කගෙන යනවා.චිත්‍රපටය ගලාගෙන යන්නේ ඒ කැලේ සිද්දවෙන සිදුවීම් සමගයි.අපේ ජොනීට එයාගෙ මර්ලිව හම්බෙන්නෙත් ඒ කැලේදි තමයි.කැලේ ඇතුලේ නිධානයක් තියෙනවා කියල හොයාගෙන ඒ ගමේ MLA කෙනෙක් ඒ නිධානය අරගන්නවා.ඒක කාලි සහ ජොනි දකිනවා.කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ තමයි එයාලත් කැලේකට ගියාට හොරකම නවත්තන්නෙ නෑ.ඒ දෙන්න ඒ නිධානය MLA ගෙන් හොරකම් කරනවා.ඉන්පස්සෙ තමා නියම දේවල් වෙන්නේ. කතාව මීට වඩා කියන්න යන්නෙ නෑ.

    චිත්‍රපටය බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා. මෙම උපසිරසිය ගැන්වීමට මහගු උපකාරයක් දැක්වූ අපේ ලහිරු උදයංග සොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. නැවතත් අළුත්ම අළුත් චිත්‍රපටයක උපසිරසියකින් ඔයාල හමුවට එන්නම්.
    හැමෝටම බුදුසරණයි!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kazhugu.2.(2019).Sinhala.Subtitle.rar – Downloaded 104 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram