spot_img

Keshava (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තෙලෙගු සිනමාවේ ටිකක් සුපර්නැචුරල් වගේම ත්‍රීලර් චිත්‍ර‍පටිවල රඟපාන ප්‍ර‍සිද්ධ නළුවෙක් තමයි Nikhil Siddhartha කියන්නේ Swamy Ra Ra එහෙම නැත්නම් Karthikeya,Ekkadiki Pothavu Chinnavada,Surya vs Surya මේ වගේ චිත්‍ර‍පටි සූම් රසිකයෙක් නම් ඔයාලට අමතක වෙන්න විදියක් නැහැ. ඔහුගේ අලුත්ම චිත්‍ර‍පටිය තමයි අද මේ අරන් ආවේ. මේක නම් ටිකක් ඇක්ෂන් පැත්තටත් බර වැඩියි. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Swamy Ra Ra හා Dohchay වගේ චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරපු Sudheer Varma විසින්. මිට අමතරව මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන නිලිය ලෙස Ritu Varma හා කාලයක් හින්දි චිත්‍ර‍පටිවල නිතරම පෙන්න හිටපු Ritu Varma රංඟනයෙන් දායක වෙනවා.

කතාව පටන් ගන්නේ පවුලේ කට්ටියක් වාහනයක ගමන් ගනිමින් හිටියදි එක පාරටම පොලිස් වාහනයක් ඇවිල්ලා මේ වාහනය අනතුරකට ලක් වෙනවා. ඒ අනතුර පත්වුන වාහනේ ගමන් කරපු කාන්තාව හා පිරිමි පුද්ගලයා මිය යනවා. කේෂව් කියන්නේ මේ වාහනේ ගමන් කරපු මේ මිය ගිය දෙන්නාගේ පුතා. ඔහු පොඩි කාලේදිම තමන්ගේ ඇස් ඉස්සරහා පිටම දෙමව්පියන් මිය යන එකෙන් ඔහු ලොකු කම්පනයකට පත් වෙනවා. දැන් කතාව වර්තමානයට එනවා.. වර්තමානයට ආව ගමන්ම පෙන්වන්නේ කේෂව් එක් පුද්ගලයෙකු ඝාතනය කරන දර්ශනයකින්. ඔහු ඒ පුද්ගලයාව ඝාතනය කරනවා විතරක් නෙමෙයි මරලා ගහක එල්ලලා තමයි යන්නේ. පොලිසියට පණිවිඩයක් ලැබෙනවා පුද්ගලයෙකු මරලා ගසක එල්ලලා තියනවා කියලා. මේ මේ විදියට උන පලවෙනි ඝාතනය නෙමෙයි. පොලිසියත් මේ ගැන හොයමින් තමයි පවතින්නේ. දැන් තියන ප්‍ර‍ශ්නය කේෂව් ඇයි මේ විදියට එක පාරටම මිනිස්සු මර මර යන්නේ කියලා. ඒ ප්‍ර‍ශ්නයට උත්තරය නම් දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි. චිත්‍ර‍පටිය ගැන සැකයක් තියේ නම් නිකමට ට්‍රේලර් එක බලලා ඉන්නකෝ. අනිවා බලාවි

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram