spot_img
spot_img

Mindcage (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Mindcage (2022) Sinhala Subtitle

 

හොලිවුඩ් කතා වල නිතර දකින්න ලැබෙන දෙයක් තමයි දාම ඝාතකයෝ. ඒකෙත් තව දකින දෙයක් තමයි, ඒ දාම ඝාතකයන්ව අල්ලගත්තාට පස්සේ, ඒ අයව අනුකරණය කරන එයාලාගේ අනුගාමිකයෝ. රසිකයෝ. ගොඩාක් වෙලාවට, ඒ දාමඝාතකයා කරපු වැඩ කොපි කරලා ඒ විදියටම මරණ කෙනෙක් දකින්න ලැබෙනවා. මේකත් එහෙම අත්අඩංගුවට අරගත්ත දාම ඝාතකයෙක් ගේ කොපිකාරයෙක් ගැන කතාවක්. කිසිම විදියකින් බලාපොරොත්තු නොවෙන විදියේ දේවල් සිද්ධ වෙන කතාවක් තමයි මේ.

කෙලි සහ ජේක් දෙදෙනා එකතු වෙලා මේ දාම ඝාතකයා‍ගේ කොපිකාරයා හොයාගන්න උත්සාහ කරනවා. හැබැයි, මෙයාලාට ඒක කරන්න කිසිම සාක්ෂියක් හොයාගන්න ලැබෙන්නේ නෑ. අනික, මේ අළුතින් සිද්ධ වෙන සියළුම ඝාතන, කලින් සිද්ධ වෙච්ච එවාට හැම අතින්ම සමානයි. ඒ නිසා මේ දෙදෙනා, හැකි හැම උත්සාහයක්ම, හැම තේරීමක්ම කරනවා, ඝාතකයා හොයාගන්න. ඒක සාර්ථක වෙයිද, කවුද මේ ඝාතකයා, කොහොමද එයා හරියටම දාම ඝාතකයාව කොපි කලේ කියන ප්‍රශ්න තමයි අපේ හිතේ තියෙන්නේ. කතාව ඉවරවෙනකල්ම මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නෑ කියලා නම් දන්නවා.

Mauro Borrelli විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය, එයාගේම කතාවක් මත තමයි කරලා තියෙන්නේ. Lionsgate සමාගමෙන් බෙදාහැරීම කටයුතු කෙරුණත්, තව සමාගම් හතර පහක එකතුවකින් තමයි නිෂ්පාදනය කලේ. රඟපෑමෙන් දායක වුනා Martin Lawrence (ජේක්), Melissa Roxburgh (මේරි), John Malkovich (කලාකාරයා), Neb Chupin (දොස්තර ලොෂ්ච්) ඇතුළු පිරිසක්.

වැඩිය ප්‍රෙක්‍ෂකයන් අතරට නොගියපු, හැබැයි වෙනස් විදියකට නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් නිසා මේක දිගටම බලන්න. මේ සිංහල උපසිරැසිය පාවිච්චියෙන් තව හොඳට චිත්‍රපටිය රස විඳින්න පුළුවන් කියලා හිතනවා. ඔයාලාත් මේක බලලා, අදහස් උදහස්, ගල් මල්, හොඳ නරක, යෝජනා චෝදනා අපිට කියන්න. අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කරගන්න, ඒවා උදව්වේවි. ජයවේවා!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Mindcage (2022) සිංහල උපසිරැසි” Mindcage.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4707 times – 728 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. …බොහෝම ස්තූතියි උපසිරැසියට නිලූෂ සහෝදරයා…

  3. Thank you Brother..! <3

    පුළුවන් නම් මේ පහළ තියෙන ටිකටත් sub දෙන්නකෝ… :mrgreen:
    Requests;
    1). Bleach: Thousand-Year Blood War (2022 TV Series)2). Mobile Suit Gundam: The Witch from Mercury (2022 TV Series)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram