More

    Nenjamundu Nermaiyundu Odu Raja (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ අවුරුද්දෙ ආපු තවත් අපූරු දමිල චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ. nenjumundu nermaiyundu odu raja ලෙස නම් කරල තියෙන  මේ චිත්‍රපටයට 6.2 ක imdb අගයක් ලැබිලා තියෙනවා වගේම 92%ක ගූගල් කැමත්තකුත් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ චරිත දෙස බැලුවොත් ප්‍රධාන චරිතයන් රඟදක්වන්නේ දමිල නලු Rio Raj සහ RJ Vigneshkanth සමගින් දමිල නිලී Shirin Kanchwala විසිනි. ඒවගේම තවත් දක්ෂ නළු නිළියන් ප්‍රමාණයක් මෙයට රඟපෑමෙන් දායක වෙලා තියෙනවා.

    කතාව පැත්තටත් පොඩ්ඩක් හැරුනොත් ශිවා සහ විකී කියන්නෙ විහිළු වීඩියෝ කරලා (prank video) යූටියුබ් එකට අප්ලෝඩ් කර කර ඉන්න දෙන්නෙක්.දවසක් මෙයාල වීඩියෝ එකක් කරන්න මිනිහෙක්ගෙ බෙල්ලට පිහියක් තියල බොරුවට බයකරනවා.ඒත් ඒ මිනිහා දැනගන්නවා මුන් දෙන්නා මෙහෙම වීඩියෝ හදන උන් දෙන්නෙක් කියල.ඉතින් ඔහොම මේ මිනිහා ඒ දෙන්නත් එක්ක කතාකර කර ඉදලා පස්සෙ දවසක එයාලව ගෙදරට එක්කං ඇවිල්ලා එයාලට වැඩ තුනක් දෙනවා ඒ තුන ඉවරකරපු ගමන් කැමතිම ගාණක් සල්ලි දෙන්නම් කියල.ඉතින් මේ දෙන්නත් සල්ලි නිසා ඒකට කැමති වෙලා වැඩ තුන මොනවාද කියල අහගන්නවා. මෙයාල දෙන්නට සුපිරිම විදියේ වැඩ තුනක් තමයි මේ මිනිහා දෙන්නේ.ඒ තුනත් එක්ක තමා චිත්‍රපටය ගලාගෙන යන්නේ.ඒ මොනවාද කියල ඔයාලම බලන්නකෝ.

    පැය 2 පුරාවටම ඔයාලටම කිසිම කම්මැලිකමක් නැතුව හිනාවීගෙනම බලන්න පුළුවන් කියල කියන්නම ඕන.
    ඉතින් චිත්‍රපටය බලන්න කියල ඔයාලට ආරාධනා කරමින් මම අදට නවතින්නම්.බුදුසරණයි!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Nenjamundu.Nermaiyundu.Odu.Raja.(2019).Sinhala.subtitle.rar – Downloaded 221 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram