spot_img

Pariyerum Perumal (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

“ඔයාලා ඔයාල විදියට ඉන්න තාක්, අපි බල්ලො වගේ ඉන්න ඕනි කියලා ඔයාල බලාපොරොත්තු වෙන තාක්, මෙහේ මොකවත් වෙනස් වෙන්නෙ නෑ,”

හොඳයි නැවතත් දෙමළ චිත්‍රපටයකට උපසිරැසි ගෙන ඒමට අවස්ථාව ලැබුනා. මේ චිත්‍රපටියේ උපසිරැසිය ගේන්න මීට වඩා පරක්කු වෙන්නත් ගියා ලහිරු උදයංග අයියගේ උදව් හම්බවුනේ නැත්නම්. ඒ හින්දා මුලින්ම ලහිරු අයියට ස්තුති කරල ඉන්න ඕනේ මේ වැඩේ ඉවරයක් කරගන්න පුලුවන් වුනාට.

හොදයි චිත්‍රපටිය ගැන ගත්තොත් මේක සම්ප්‍රදායික දෙමළ සිනමාවට අදාල චිත්‍රපටියක් නෙමේ. ප්‍රධාන නලුවන් ලෙස Kathir,  Anandhi,  Yogi Babu දායක වෙනවා. වීරයා වැඩිය ප්‍රසිද්ධ කෙනෙක් නොවුනත් VIKRAM VEDHA චිත්‍රපටයේ සේදුපතිගේ මල්ලිට ඉන්න නලුවා තමා මේ ඉන්නේ. ඔහුත් සමඟ ප්‍රධන නිලිය හා Yogi Babu අති විශිෂ්ට රංගනයක නිරත වෙනවා. ඊළග සම්මාන උළෙලකදි සම්මාන රැසක හිමිකාරිත්වයට මේ චිත්‍රපටිය හිමිකම් කියාවි යන ඉඟි පල කරනවා.

මේකේ ගුරුත්වාකර්ෂණය අඩු ගහගැනිලි නෑ. ඉන්දියාවේ පවතින කුල මල ප්‍රශ්න හින්දා පීඩාවට පත් වෙන තරුණයෙක්ගේ කතාවක්. සංවේදී කතාවක්. පහත් කුලයක මිනිස්සු ඉන්න ගමකින් නීති විද්‍යාලයට යන තරුණයාට ඉහල කුලයේ කෙල්ලෙක්ගෙන් ආදරයක් හිමි වුනත් ඒකට ප්‍රතිචාර දක්වන්න පවා නොහැකිව අසරණ වෙනවා.

දැන් මේ ලිපිය කියවන ඕන කෙනෙක් හිතනවා මේ චිත්‍රපටය බලන්න තරම් වටින්නේ නැතුව ඇති කියලා. ඒ අයට දෙන්න තියෙන හොඳම පිළිතුර තමා මේ චිත්‍රපටය IMDb මීටරය 9.4ට කරකනවා. මන් දන්න තරමින් මේ වෙනකොට ඉහළම IMDb අගය තියෙන දෙමළ චිත්‍රපටිය මේක තමා. ඒ වගේම Vikram Vedha, Aruvi වගේ චිත්‍රපට වලින් පස්සේ මාස ගණනකට පස්සේ IMDb අගය 9 පන්නපු චිත්‍රපටිය මේක විතරයි.

මේක සරල කතාවක් වගේ පෙනුනට බැරෑරුම් ප්‍රශ්නයක් ඉතා සාර්ථකව ඉදිරිපත් කරන්න මේ චිත්‍රපටය සමත් වෙනවා. ඉතින් මේක අරන් බලන්න කියලා තමා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඇන්ටන් රවීන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram