More

    Ratsasan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද මම ගෙනාවේ දෙමළ චිත්‍රපටිවලින් බිහි වූ හොඳම චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන් එකක්. මේ චිත්‍රපටිය ගැන දෙමළ චිත්‍රපටි නරඹන කෙනෙක් දැන ගන්න ඇති මේක හොඳ එකක් කියලා. මොකද මේක නිකුත් වුනාට පස්සෙ ගොඩක් දෙනෙක් කතා බහ කරන්න ගත්ත චිත්‍රපටයක්.

    චිත්‍රපටය දිහාවට හැරුනොත් මේකේ හොද පිටපතක් ආපු වෙලාවේ IMDb අගය 9 පහු කරලා තිබුනා. දැන් ඒත් අගය 8.9කට බැහැලා. ඒ කියන්නේ කොහොමත් මේක සුපිරි ගණයේ චිත්‍රපටයකට අයත් කියලා පැහැදිලිනේ. Mystery චිත්‍රපට බලන අයට කියාපු චිත්‍රපටියක්. Vishnu Vishal, Amala Paul, Radha Ravi, Ramdoss ආදී නලු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

    කතාව ගැන කිව්වොත් කතාවේ වීරයා අරුන් ආස කරන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. ඒත් හිතන තරම් වැඩේ ලේසි වෙන්නේ නෑ. ආර්ථික අපහසුතා නිසා මස්සිනගේ උදව්වෙන් හා තාත්තට පොලිසිය තිබ්බ ගෞරවය නිසා වීරයා අන්තිමට උප පොලිස් රස්සාවට යන්න තීරණය කරනවා. ඔහොම රස්සාවේ ඉන්නකොට තමා වයස අවුරුදු 15 කෙල්ලෙක්ව අමානුෂික විදියට මරලා දාලා හම්බවෙන්නේ. හැමෝම මේක ආදර හුටපටයක් කියල හිතුවත් අරුන්ට මේ ගැන සැකයක් එනවා. මොකද මේ වගේ කරුණු ගැන අරුන් අවුරුදු ගානක් විස්තර හෙව්වා එයාගේ චිත්‍රපටියට කතාවක් හදාගන්න. අරුන් මේක ඉහල නිලධාරින්ට දැනුම් දුන්නට වැඩක් වුනේ නෑ. ඊළග කෙල්ලවත් ඒ විදියට මරලා දැම්මට පස්සේ තමා කට්ටියගේ ඇස් ඇරෙන්නේ.ඇයි මෙහෙම අවුරුදු 15ම කෙල්ලෝ මැරෙන්නේ. කවුද මරන්නේ? මොකටද මරන්නේ? වගේ ගොඩක් ගැටලු ඔයාලට මතු වෙයි. ඒකට විසදුමත් ලැබෙයි.

    ඉන්දියාවේ  මේ චිත්‍රපටිය හොල්මන් චිත්‍රපටියකටත් වඩා බය හිතෙනවා කියලත් ඇතැමුන් මත පල කලා. චිත්‍රපටි විග්‍රහ කරන්නන් පවා ඉතා ඉහල මට්ටමකින් අගයපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ දුෂ්ඨයාව ඉතා ඉහලින් සුපර්ස්ටාර් රජිනිකාන්ත් පවා අගයලා තිබ්බා.

    මේ වගේ චිත්‍රපටියක් දෙමළ නොබලන කෙනෙකු වුවත් බැලිය යුතු මට්ටමේ චිතපටියක්. මෙවන් චිත්‍රපටියක් නොබල ඉන්න එපා කියලා තමා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Ratsasan (2018) සිංහල උපසිරැසි” Ratsasan.(2018).Sinhala.Subtitle.rar – Downloaded 5644 times – 43 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඇන්ටන් රවීන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram