spot_img
spot_img

Prassthanam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ දවස් වල ලංකාවේ ඡන්ද උනුසුම තිබ්බානේ ඇති තරමටම.. ගොඩක් අය අලුත් ජනාධිපති කෙනෙක් අඟමැති කෙනෙක් පත් උනාම කිව්ව දේ තමයි පුතාලා තාත්තාලාගේ දේශපාලන ජිවිතය අවුල්ක රන්නේ නැති තරමටම හොදා කියලා. මොකද කොච්චර හොද දේශපාලකයෙක් උනත් එයාගේ ළමයි ටික හිතු මනාපේ පිස්සු කෙලින්න ගත්තොත් තමන්ගේ දේශපාලන ජිවිතේම ඉවරයක් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.. එවාට ඉතින් ලාංකිය දේශපාලනයෙන්ම ඇති තරම් උදාහරණ තියනවා.. මං මේ කතාව කියන්න හේතුවත් අද අරන් ආපු චිත්‍ර‍පටියත් අන්න ඒ වගේ එකක්…

බල්දේව් ප්‍ර‍තාප් සිං (Sanjay Dutt) කියන්නේ ජනතාව ගරු කරන දේශපාලකයෙක්.. ඒ වගේම නීතියට වැඩ කරන කෙනෙක්… මොහු ප්‍ර‍ධාන පක්ෂයකින් හැර වෙනත් කුඩා පක්ෂයකින් ඉල්ලුවාත් ජනතාවගේ මනාප අරන් දිනින්න පුලුවන් තරම් කෙනෙක්. ඔහුගේ ලඟින්ම ඉන්න මිත්‍ර‍යා තමයි බාදාෂ් ඛාන් (Jackie Shroff) කියන්නේ… බල්දේව්ට ළමයින් තුන්දෙනෙක් ඉන්නවා.. දියණියක් හා පුතුන් දෙදෙනෙක්. වැඩිමහල් පුතා තමයි ආයුෂ්මාන් සිං (Ali Fazal) තමන්ගේ තාත්තාගේ අඩිපාරේ යමින් ඊලඟට දේශපාලනයට එන්න ඉන්නේ ඔහු. මොහුගේ පොඩිම පුතා තමයි විවාන් සිං (Satyajeet Dubey) මොහු පියා එක්ක අමනාපෙන් ඉන්නේ සේරම දේශපාලන වැඩ වලට ආයුෂ්මාන්ව විතරක් හවුල් කරගන්න නිසා. විවාන් කියන්නේ බොහෝම විනෝදෙන් ඉන්න කෙනෙක්.. තාත්තාගේ බලයෙන් හා මුදල් වලින් ඇති පදම විනෝද වෙනවා. ඉතින් එහෙම කෙනෙක් දේශපාලනය කරන්න සුදුසු නැහැ කියලා බල්දේව් හොදින්ම දැනන් ඉන්නවා. අර මං මුලින්ම කිව්වා වගේ තාත්තාගේ දේශපාලන ජිවිතේ අවුල් කරන්න කෙනෙක් ඉන්නවා නම් එත් විවාන්ම තමයි. පත්තර වල බල්දේව්ට නරක නාමයක් ගැවෙනවා නම් ගැවෙන්නෙත් ඔහු නිසාම තමයි. නමුත් ආයුෂ්මාන් මේ සියල්ලම විසදන්න කටයුතු කරනවා මල්ලිට මුකුත් නොවෙන්න… නමුත් දිනක් විවාන් අතින් සිදුවෙන එක් සිදුවිමක් හා ඒ සිදුවිම වසන් කරන්නට කරනා දේවල් ටිකක් නිසා මේ මුළු පවුලම විතරක් නෙමෙයි බල්දේව්ගේ දේශපාලන ජිවිතේට පවා ලොකු පහරක් වදිනවා… ඒක තමන්ගේ හොදම මිත්‍ර‍යා වන බාදාෂ්ව තමන්ගේ පරම හතුරා කරන්නට පවා සමත් වෙන සිදුවිමක්… ඉතින් එතැන මොකක්ද වෙන්නේ.. කියලා දැනගන්න නම් ඔයාට මේ චිත්‍ර‍පටිය බලන්න වෙනවා.මොන තරම් හොද දේශපාලකයෙක් උනත් ඔහුට අඳුරු අතීතයකුත් තිබෙනවා කියන එකත් මේ චිත්‍ර‍පටියෙන් ඉස්මතු කරන්නත් හදලා තියනවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD / WEB පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Prassthanam.2019.rar – Downloaded 164 times – 39 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

 

 

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram