More

    Puppy (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2019 ඔක්තෝම්බර් මස 30වන දින නිකුත් වෙච්ච අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.
    Puppy 2019 ලෙස නම් කරල තියෙන මේ චිත්‍රපටයට 6.4ක imdb අගයක් හිමිවෙලා තියෙනවා.drama/comedy යටතට අයත් මේ චිත්‍රපටය පැය 1 විනාඩි 50 පුරාවටම හිනාවීගෙනම බලල ඉවර කරන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්. චිත්‍රපටයේ චරිත ගැන පොඩ්ඩක් බැලුවොත් ප්‍රධාන චරිතයන් නිරූපණය කරන්නේ දමිල සිනමාවෙ නවක නළු Varun සමඟින් සුරූපී නිලී Samyuktha hedge විසිනි. මීට අමතරව දමිල සිනමාවෙ ආතල්ම පොරක් වන Yogi Babu වත් මේ චිත්‍රපටයේ දැකබලාගන්න පුලුවන්.

     

    කතාවත් චූට්ටම චුට්ටක් කියන්නම්. ප්‍රභූ කියන්නේ ඉන්ජිනේරු විද්‍යාලයක 4වන වසරේ ඉගෙනගන්න ශිෂ්‍යයෙක්.නමුත් මෙයා පන්තියේදි අසභ්‍ය වීඩියෝ බලනව මාට්ටුවෙලා මෙයාට පන්ති තහනම් කරනවා. ඔහොම ගෙදට්ට වෙලා ඉද්දි එයාලගෙම ගෙදර උඩ තට්ටුව මදුරෙයි වලින් ආපු කට්ටියකට එයාගෙ තාත්තා කුලියට දෙනවා.ඒ ආපු අයගෙ දුව තමයි රම්‍යා කියන්නේ.කොහොමහරි ප්‍රභූ රම්‍යාව සෙට් කරගෙන දවසක් රූම් අරගෙන යනවා.ඉන් පස්සෙ තමයි කතාව නියමෙටම ගලාගෙන යන්නේ.ඔයාල බලනව ඇති චිත්‍රපටයට puppy කියල බල්ලෙක් නමක් දැම්මට බල්ලෙක් නැද්ද කියල..නෑ ඉන්නවා,පපී කියන්නේ ප්‍රභූගෙ ගෙදර ඇතිකරන සුරතල් බැල්ලිය.මේ බැල්ලියත් චිත්‍රපටයේ ඉතා සංවේදී සිදුවීමකට සම්බන්ධ කරගෙන තියෙනවා.මේ සිදුවීම් සියල්ලත් එක්කම තමයි චිත්‍රපටය ගලාගෙන යන්නේ.කතාව මීට වඩා මට කියන්න තේරෙන්නෙ නෑ.බලලම තේරුම්ගන්න ඕන Yogi Babu ත් ඉන්නව කියන්නෙ ඉතින් ආයෙ ආතල් ගැන කියල වැඩක් නෑනේ.

    අවසානෙට කියන්නම් මේ චිත්‍රපටයෙන් අපිට ලොකූ ආදර්ශයක් ගන්න පුලුවන් වගේම අද කාලෙ ඉන්න තරුණ තරුණියන්ට වටිනා පණිවිඩයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ලෝකයේ තියෙන උත්තරීතරම මාතෲ පදවිය ගැන තමයි අධ්‍යක්ෂකවරයා ඉස්මතු කරන්න උත්සාහ කරල තියෙන්නේ. මෙම උපසිරසිය නිර්මාණය කරන්න සහයක් දීපු ලහිරු උදයංග සහෝදරයටත් ස්තූති කියන ගමන් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්
    බුදුසරණයි!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Puppy.(2019).Sinhala.Subtitle.rar – Downloaded 132 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram