More

    Rang De (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අදත් ඔන්න සුළු මොහොතකට පෙර නිකුත් වුන තෙළිගු චිත්‍රපටියක උපසිරැසිත් අරගෙන තමයි ආවෙ. හුඟ දෙනෙක් එනකම් බලන් හිටපු එකක් තමයි. නමින් ” Rang De” වගේම සිංහලෙන් “වර්ණ ගන්වන්න” කියන අදහස. චිත්‍රපටියට අනුව “ආදරයෙන් වර්ණ ගන්වන්න” කියන අදහස ගෙනදෙනවා.

    “විශේෂෙන් කියනවනම් මේක මගේ 150* වෙනි උපසිරැසි ගැන්වීම” මේ 150 ඇතුලෙ තෙලිගු, දමිල, කන්නඩ,මලයාලම්,හින්දි,කොරියන්,ඉංග්‍රීසි,චීන,ජපන් සහ තවත් භාෂා වල උපසිරැසි අඩංගු වෙනවා. ඉතිං දැන් මෙහෙම ඉන්දියාණු භාෂා අසාලිවීම් දක්වා එන්න පුළුවන් උනේ මං පස්ස ගහද්දි ලහිරු අයියා දුන්න තල්ලු වලින් තමයි. හරි එහෙනම් කථාව දිහාට හැරෙමුකො.

    IMDb අගය 7.3 ගත්තු මෙය Drama,Romance,Comedy කියන කැටගරි වලට අයත් වෙනවා. නිතින් වගේම සුරූපී කීර්ති සුරේෂ් ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. Venky Atluri තමයි අධ්‍යක්ෂනය කරන්නේ. Tholi Prema, Mr. Majnu වගේ ඒවා බැලුව නම්, ඔහු ගැන අදහසක් ඇති. ඒත් ඒවා තරම් නම් මේ චිත්‍රපටිය නෑ.

    අර්ජුන් කියන්නෙ තරමක් සල්ලි භාගෙ තියෙන පවුලකට ඉපදෙන එකම පිරිමි දරුවා. ඉතිං මොහුට එම පවුලෙ අය ඔළුවෙ තියාගෙන තමයි සලකන්නේ. ලොකූ ආදරේකින් බලාගන්නේ. වසර කිහිපයක්ම ගෙවිල ගියත් මේ පුංචි අර්ජුන්ට සෙල්ලම් කරන්න කියලා එයාගෙ වයසෙ කිසිම කෙනෙක් නෑ. ඉතිං අර්ජුන් එක පාරටම මෙහෙම හිතනවා.

    “දෙවියන් මට සෙල්ලම් කරන්න යාළුවෙක්.. නෑ, ගැහැණු යාළුවෙක්ව දුන්න නම් කොච්චර ෂෝක් ද” කියලා.

    ඉතිං ඒ සිතුවිල්ල ඇවිල්ලා තත්පර කිහිපයක් යන කොටම ඒ සිතුවිල්ල ඵලදරනවා වගේම. එයම අර්ජුන්ගෙ ජීවිතේ කනපිට පෙරලෙන්න හේතු වෙනවා. මෙපමන කලක් අර්ජුන්ට ලැබුනු ආදරේ සේරම අලුතින් ආපු ගැහැණු ළමයට ලැබෙන්න ගන්නවා. ඇය නිතරම හැම වැඩකින්ම පළවෙනියා ගන්නවා. අර්ජුන් අන්තිම කොනෙන් තමයි පළවෙනියා. ඉතිං අර්ජුන්ගෙ හිතේ ඇය කෙරේ ලොකු කේන්තියක් ඇතිවෙලා ඒක වෛරයක් දක්වාම දුර දිග යනවා.

    ඒ ගැහැණු ළමයා තමයි අනූ. අනූ අර්ජුන්ට වෛර කරන් නෑ. ඒත් අර්ජුන්ගෙ හැම දෙයක්ම වගේ ගෙදර අයට කියනව.ඒකෙන් අර්ජුන්ට ලොකු අකරතැබ්බ වෙනවා. අනූගෙ හිතේ ඉන්න පිරිමි ළමයා තමයි “අර්ජුන්”. ඇය අර්ජුන්ට ආලය කරනවා. ඒත් අර්ජුන් නම් දන්නෙ නෑ. සිද්දි දාමයකින් පස්සෙ මේ දෙන්නගෙ කසාදෙ සිද්ධ වෙනවා.ඒක ඉතිං මෙතක් ආපු වීඩියෝ පෝස්ටර් වලින් දකින්න ඇතිනේ. ඉතිං ඔතනින් තමා සිද්ධිය ඇරඹෙන්නේ. ආලය කරන නෝන කෙනෙක් සහ කේන්තිය පිරි සැමියෙක් අතරෙ වෙන කෝලහාලයක් තමයි ඔයාලට මෙම චිත්‍රපටිය හරහා දකින්න වෙන්නේ.

    DSP සංගීත මුසුවෙන් අලංකාර කරනවා වගේම ලස්සන ගීත සමූහයක් මෙහි අන්තර්ගත වෙනවා. Sid Sri Ram ගෙ ගීතයකුත් අඩංගු වෙනවා. ඉතිං සුපුරුදු පරිදි මේ හැම ගීතයක්ම සිංහල උපසිරැසියෙන් වර්ණ ගන්වලා තමයි තියෙන්නෙ. කොච්චර හොදම යාළුවො වුනත් එකම පාරක් හරි රන්ඩු වෙලා තියෙනවා. කොච්චර වෛරීගත හතුරො වුනත් එකම පාරක් හරි අතට අත දීලා තියෙනවා.

    ඉතිං හැමෝටම යම් මොහොතක් එළබෙනවා. සුපුරුදු පරිදි නිතින්ගෙ කොමඩි රොමෑන්ස් චිත්‍රපටියක් තමයි මේක.ආස අය එහෙනම් බලන්න. අදට යනවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Rang De (2021) සිංහල උපසිරැසි” Rang.De.(2021).Sinhala.Subtitle.rar – Downloaded 16804 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. 150 වෙනි උපසිරැසියට සුභ පැතුම්!🤩👏
      බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    2. උපසිරැසි ගැන්වීමට ස්‍තූතියි..❤️
      150ට සුුබ පැතුම්..👏
      ජයෙන් ජයම වේවා..👍

    3. බොහොම ස්තූතියි සහෝ සබ් එකට.ඔයගොල්ලො මේ කරන්නේ ලොකු සේවයක්.ඔයගොල්ලොන්ගෙ කාලය වැය කරල මේ විදිහට උපසිරසි ගේනවාට ස්තූතියි.150 වෙනි කඩයිමට සුභ පතනව.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවායි පතනවා.

    4. 150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

      … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram