spot_img
spot_img

RRR (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හේ ගායිස්, නොහිතපු විදියට තමයි මේ උපසිරැසිය අද දවසේ මෙලෙසින් ගෙන එන්නේ. ඒ තමයි RRR කියන ඉන්දියාවෙ දැනට ආදායම් අතින් 3 වන ස්ථානයේ පසු වන චිත්‍රපටිය. අපිට බාහුබලී ගෙන හැර පාපු අග්‍රගන්‍ය අධ්‍යක්ෂ අතින් තමා මේ චිත්‍රපටියත් නිම වෙන්නේ. ඒ තමයි රාජමෞලි. ඒවගේම Ram Charan, Jr.NTR කියන තෙළුගු සිනමාවේ දැවැන්තයො දෙන්නෙක් රංඟනයෙන් දායක වෙනවා මෙහෙ. ඉතිං වෙන කිසි කථාවක් ඕනෙ නැහැ, ඒ ටික කිව්වම.

කථාව යුද්ධයක්. සුද්දන් හා ඉන්දියානුවන් අතරේ . කාලය 1920 කාලපරිච්ඡේදය. කථාව ඇරඹෙන්නේ ගෝත්‍රික ළමයෙක්ව සුද්දන් විසින් ඔවුන් සමග බලෙන් අරන් යන තැනකින්. ඉතිං මේ ගෝත්‍රික නඩයේ ආරක්ෂකයෙක් ඉන්නවා. ඉතිං මොහු මේ සිදුවීම දැනගත්තම අඩවියෙන් නගරයට අඩිය තබන්නේ මේ ළමයා බේරගැනීමේ අරමුණින්. එහිදී ඔහු සිතුවාට වැඩිය දැඩි ආරක්ෂාවක් සුද්දන්ට තියෙනවා කියලා තේරෙනවා. ඒත් ඔහු අධිටනින් යුතුව සැලසුම් කරනවා ළමයා සුදු අධිරාජ්‍යයෙන් බේරගන්නා විදියක් ගැන.

ඔය අතරෙ තමා අපේ ගෝත්‍රික ආරක්ෂක භීම්ට.. යාළුවෙක් හම්බවෙන්නේ. කවුරුත් දන්නවනේ ඒ කවුද කියලා. ඔව් රාම් තමයි.මොවුන්ගේ මිත්‍රත්වය දැඩිබල එකක් වනවා.. වගේම ඔයාල ට්‍රේලර් එකෙන් දකින්න ඇති මිත්‍රත්වයම අනික් පැත්තත් හැරෙනවා. ඒ ඇයි කියලා වගේම මේ ළමයා බේරගන්න දැන් භීම්ට රාම් එක්ක පවා ගැටෙන්න වෙනවා. මොකද රාම් සුද්ධන්ට ආරක්ෂාව සපයන කෙනෙක්.

ඉතිං ඔය අතරෙ මතුවන අතීත කථා එක්ක කථාව නොහිතන පැතිකඩ වලට රැගෙන යනවා. නොහිතන මොහොතක මෙලෙස මෙහි පිටපත් අන්තර්ජාලයට ලීක් වුන නිසා, ලිපියක්වත් හරියට ලියාගන්න බැරි වුනා.Action, war ඝණයට අයත් IMDb 8.4ක අගයක් ලබාගත් සහ ලස්සන ගීතද ඇතුළත්, මේ චිත්‍රපටය හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතිං යනවා.. ඊළඟට මොන ෆිල්ම් එක ලීක් වෙයිද කවුද දන්නේ. උදේ KGF පවා ලීක් වුනානෙ. ඒකෙ සබ් එකත් ඔයාට ඔහොම්ම zoom එකෙන් භාගත කරගන්න පුළුවන්.

 

මෙම චිත්‍ර‍පටියේ නවතම නිකුත් වු ගුණාත්ම WEB HD පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කර ඇත.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “RRR (2022) සිංහල උපසිරැසි” RRR.(2022).Sinhala.Subtitles.rar – Downloaded 48266 times – 1,003 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

17 COMMENTS

  1. Eddas ganak download krl eth eka comment ekai katha weda.mhnsiytwth thnx ekk dl tbnm wtinw awa gatta giya yanna.anyway Thnx Brother.Bs.! TC.!! 🌾❤️

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram