today-is-a-good-day
More

    The Princess (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Joey King ඉන්න චිත්‍රපටියක් අත හරින්න බෑ නේද? ඒ නිසාමයි මේකත් ඉක්මනට පරිවර්තනය කලේ.දන්නවානේ, Kissing Booth, Ramona and Beezes වගේ චිත්‍රපටි වල හිටපු කෙනා.මේ පාර ඇයට ලැබිලා තියෙන්නේ සටන්කාමී කුමරියකගේ චරිතයක්. සටන් ජවනිකා වගේම කුමාරිකාව‍ගේ දර්ශණත් ලස්සනට රඟපාලා තියෙන නිසා චිත්‍රපටිය එක දිගට ඇහි පිල්ලන් නොගහ බලන්න පුළුවන්.

    මේ චිත්‍රපටියේ එන සටන් ජවනිකා අතරින් 85% ක් පමණ, Joey King විසින්ම රඟපාලා තියෙනවා. ඒ සඳහාම ඇය කඩුවක් හසුරුවන ආකාරය, පහරදීම්, පහර වැළැක්වීම් යනාදී සටන් උපක්‍රම පුහුණු වෙලා තියෙන බව කියවෙනවා.

    Le-Van Kiet විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Ben Lustig සහ Jake Thornton ගේ කතා සංකල්පනාවක්. සියළුම දෙනා එකතු වෙලා ඒ සංකල්පනාව, චිත්‍රපටියක් කරලා තියෙනවා. 20th Century Studios සහ Original Film සමාගම් විසින් නිෂ්පාදනය කෙ‍රුණු චිත්‍රපටිය Hulu සහ Disney+ මගින් ඇමරිකාවේ සහ අන්තර්ජාතිකව බෙදාහැරීම් සිදුකෙරුණා. රඟපෑමෙන් එක් වන්නේ, Joey King (කුමාරිකාව), Dominic Cooper (ජූලියස්), Veronica Ngo (ලින්) සහ Olga Kurylenko (මොයිරා) ඇතුළු පිරිසක්.

    කතාව ගැන කෙටියෙන් කියන්නම්. ජූලියස් කියන රාජතාන්ත්‍රිකයා රාජධානියේ බලය අල්ලා ගැනීමේ අරමුනෙන් රාජ කුමරියව විවාහ කරගන්න සූදානම් වෙනවා. නමුත් විවාහ උත්සවයේ මුද්ද පළඳවන අවස්ථාවේ, කුමාරිකාව ඔහුව ප්‍රතික්‍ෂේප කරනවා. මේ නිසා, බලෙන්ම ඇයව විවාහ කරගැනීමට සූදානම් වෙන ජූලියස්, කුමාරිකාව උස කුළුණක ඉහලම මහලේ හිර කරනවා. චිත්‍රපටිය පටන් ගන්නේ මෙතනින්. කුමාරිකාවට විවාහය කරගන්න සිදුවේවිද? ජූලියස් කුමක් කරන්නද උත්සාහ දරන්නේ? රජතුමා සහ රැජිණට මොකද වෙන්නේ? මේවා දැනගන්න නම්, මේ සිංහල උපසිරැසි එක්ක, චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Princess (2022) සිංහල උපසිරැසි” The.Princess.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3249 times – 426 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි. …
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram