spot_img
spot_img

Vaalvi (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Vaalvi (2023) Sinhala Subtitle

 

Vaalvi කියන්නෙ සාමාන්‍යෙන් මරාති සිනමාවෙන් දක්නට නොලැබෙන බ්ලැක් කොමඩි ශානරයේ චිත්‍රපටයක්. අපිට නිරතුරුව මරාති සිනමාවේ දකින්නට ලැබෙන්නෙ ArtHouse , Tragedy ශානරයේ ශෝඛාන්ත නිසා බ්ලැක් කොමඩි වැනි වාණිජමය ශානරයකින් වින්දනාත්මක චිත්‍රපටයක් නිරැඹීම නිතැතින්ම නැවුම් අත්දැකීමක් වුනා.

චිත්‍රපටයේ කතාව ගැන ටිකක් විස්තර කරොත්.. “අනිකේත්” කියන්නෙ කසාද ජීවිතේ එපාවුන මනුස්සයෙක් , ඔය අතරෙ තමයි මෙයා හැඩකාර දත් දොස්තර නෝනා “දේවිකා” එක්ක පෙම් පලහිලව්වක පැටලෙන්නෙ. කාලයක ප්‍රේම සම්බන්ධෙකට පස්සෙ මෙයාලා තීරණය කරනවා අනිකේත්ගෙ බිරිඳ අවානිගෙන් ගැලවිලා නිදහස්වෙන්න. දෙන්නා ඒකට තිතට ප්ලෑන් කරපු නියම සැලැස්මක් හදනවා. දැන් තියෙන්නෙ වැඩේ ක්‍රියාත්මක කරන්න. හැබැයි අවසන් මොහොතෙ මෙයාලා හදපු සැලැස්ම ගැස්සෙනවා. මෙතන ඉඳන් තමයි දෙන්නට එකපෙළට මුහුණදෙන්න වෙන ප්‍රශ්න වැලක ආරම්භය වෙන්නෙ.

Vaalvi කියන වචනයේ සිංහල තේරුම තමයි “වේයා ” ඇයි එහෙම නම තියලා තියෙන්නෙ කියලා ඔබට චිත්‍රපටය නැරඹුවාම දැනගන්න ලැබෙයි. අවසන් වශයෙන් කියනවනම් Vaalvi කියන්නෙ Black Comedy ශානරයේ චිත්‍රපට නරඹන්න කැමති කෙනෙකුට ඉහළින්ම නිර්දේශ කරන්න පුලුවන් චිත්‍රපටයක්. කැමති අය බලන්න.

මුල් භාගය සඳහා උපසිරැසියෙන් සහය උනු ලහිරු අයියටත් ස්තූති කරන ගමන් දැනට සමුගන්නවා.

**ලිපිය උපුටා ගැනීම **
භාරත සිනමා රසික සංසයෙහි පළ වූ “සඳුන් රණතුංග” සොහොයුරාගේ ලිපියෙන්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Vaalvi (2023) සිංහල උපසිරැසි” Vaalvi.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1426 times – 858 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. අශේන් …
    ගොඩක්ම ස්තූතියි. ලහිරු …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram