spot_img
spot_img

Virupaksha (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Virupaksha (2023) Sinhala Subtitle

 

එක ගමකට අලුතෙන් පවුලක් එනවා. ඔහොම මේ පවුල ඇවිල්ලා ටික දවසක් යන කොට මුළු ගමටම වසංඟතයක්  ඇවිල්ලා ගමේ ළමයින්ව මැරෙන්න ගන්නවා. ළමයින් ඉන්න හැම ගෙදරක දොරකඩම මරණය බලාගෙන ඉන්නවා. ඉතිං දවසක් මේ ගමට ආපු පවුලේ අය අඳුරු මායාකර්මයක් මළ සිරුරක් එක්ක කරනවා ගමේ කෙනෙක් දකිනවා. ඉතිං මුළු ගමම එකතු වෙලා මේ මායාකර්ම නිසයි ළමයින් මැරෙන්නේ කියලා ඒ පවුලේ මව සහ පියාව පණ පිටින් පුච්චලා දානවා. ඒ වගේම ඒ පවුලේ හිටපු ළමයව අනාථ නිවාසෙකට බාර දෙනවා.

ඉතිං ඔහොම වසර 12ක් යනවා. දැන් තමයි මේ ගමට සූර්‍යයි අම්මයි එන්නේ. අම්මා හැදී වැඩුණු ගම නිසා,අම්මට අයිති ඉඩමක් ගමේ පාසලක් හදන වැඩේට ලියලා දෙන්න එන්නේ. ඔහොම ආවම තමයි සූර්‍යට නන්දිනීව හම්බවෙන්නේ. ගමේ සර්පන්ච් මහත්තයගේ දුව තමයි නන්දිනී කියන්නේ. සූර්‍යට හිතක් පහල වෙනවා මේ නන්දිනී ගැනත්.

ඉතිං ඔහොම ඉන්නකොට ගමේ ආයෙත් මරණ දාමයක් වෙන්න ගන්නවා. නමුත් හේතුවක් හිතාගන්න බෑ. අවසානේ සූර්‍යාගේ සෙනෙහෙවන්තයින්ද මේ රැල්ලට ගොදුරු වෙනවා. ඉතිං අවසානේ මේ මරණ රැල්ල නන්දිනීගේ දොරකඩට එනවා. ඉතිං සූර්‍යා නන්දිනීව බේරගන්න ඕනේ නිසා, මෙකේ සුල මුල සොයා යනවා..

සායි ධරම් තේජ් ගේ කෝටි 100 ඉපයූ පළමුවන චිත්‍රපටිය මේක තමයි. වැඩිය කථා බහක්, ප්‍රමෝෂන් කිරීමකින් තොරව තිරගත කරපු මේ චිත්‍රපටය නොහිතපු විදියට ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගන්න සමත් වුනේ කෝටි 25-28කින් නිපදවපු මේ චිත්‍රපටය කෝටි 100කට අධික ආදායමක් හොයාගනිමිනුයි.

තිරගත වී හරියටම මාසයකින් අද තමයි මේක ott රිලීස් වුනේ. සායි ධරම්ගෙන් වෙනදා නොදැකපු ජාතියේ ෆිල්ම් එකක් මේක. ලස්සන BGM සහ මියුසික් එක්ක අපූරුවට දිවෙනවා. සිංඳු සියල්ලත් උපසිරැසි ගන්වලා ඇත්තේ.

supernatural horror mystery ශාරණට කැමති අයටත්, ධරම් තේජ් සම සම්‍යුක්තා ගෙ එකතුව බලන්න ආස අයටත්, ඔන්න එහෙනම මේ චිත්‍රපටය දැන් බලන්න පුළුවන්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Virupaksha (2023) සිංහල උපසිරැසි” Virupaksha.(2023).Sinhala.Subtitles.rar – Downloaded 4675 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply to Ratta Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram