today-is-a-good-day
More

    Wrath of Man (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද ආවේ ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයට අයත් වන Jason Statham රඟන Wrath of Man (2021) චිත්‍රපටයත් අරගෙන. මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Guy Ritchie විසින්.ඔයාලා RocknRolla (2008),Sherlock Holmes (2009),Sherlock Holmes: A Game of Shadows (2011),King Arthur: Legend of the Sword (2017),Aladdin (2019),The Gentlemen (2019) චිත්‍රපට බලල තියෙනවනම් Guy Ritchie ගැන නොදැන ඉන්න විදිහක් නෑ. මොකද ඔහු තමයි තමයි එම චිත්‍රපටවලත් අධ්‍යක්ෂණයෙන් දායක වුනේ.ඒවගේම Jason Statham රංගනයෙන් දායක වන චිත්‍රපටයක් ඔහු අධ්‍යක්ෂණය කරන සිව්වන වතාව මෙය වෙනවා.Jason Statham ට අමතරව Holt McCallany, Jeffrey Donovan, Josh Hartnett, Laz Alonso, Chris Reilly යන අය මෙහි රංගනයෙන් එකතු වෙනවා.ඒවගේම IMDb හි 7.4/10 ඉහල අගයක් ලබාගනිමින් ගූගල් මනාප 92% ක් ලබාගැනීමට මෙය සමත් වෙලා තියෙනවා.

     

     

     

     

     

     

    කතාව:
    ෆෝර්ටිකෝ කියන්නෙ ලොස් ඇන්ජලිස් වල මුදල් විශාල ප්‍රමාණයක් ආරක්ෂිතව ප්‍රවාහනය කරන ආයතනයක්.මේ ආයතනයට පැට්‍රික් හිල් සම්බන්ද වෙන්නෙ සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයෙන් සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් වාර්ථා කිරීමෙන් පසුවයි.දිනක් පැට්‍රික් ඇතුලු පිරිස ආරක්ෂිතව රැගෙන යන ට්‍රක් රථය යම් මංකොල්ලකරුවන් කිහිප දෙනෙකුගේ ප්‍රහාරයකට ලක් වෙනවා.සුදුසුකම් ලැබීමේ පරීක්ෂණය සාමාන්‍ය අගයකින් සමත් වෙච්ච පැට්‍රික් මංකොල්ලකරුවන් සියලු දෙනාම මරාදාන්නෙ ඔහුගේ සගයන්ව පුදුමයෙන් පුදුමයට පත් කරමිනුයි.ඇත්තටම මේ පැට්‍රික් හිල් කියන්නෙ කවුද? ඔහුගේ අරමුණ මොකක්ද? කියලා දැනගන්න ඕන නම් විනාඩි 120කට ආසන්න කාලයක් පුරාවට දිවෙන සිත්ගන්නා වේගවත් පසුබිම් නාදයන් සමඟ ක්‍රියාදාම ජවනිකා පිරුණු මෙය නරඹන්න ආරාධනා කරනවා.එහෙනම් අදට නවතින්නම්. ඔබට සුභ දවසක්!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Wrath of Man (2021) සිංහල උපසිරැසි” Wrath.of.Man.(2021).Sinhala.Subtitle.rar – Downloaded 37074 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    19 COMMENTS

    1. උපසිරැසි ගැන්වීමට ගොඩක් ස්‍තූතියි සහෝ… ❤️
      ජයෙන් ජයම වේවා..!👌🔥👍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram