spot_img

Zombieland Double Tap Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහං ආයෙමත් ෆිල්ම් එකක් උස්සගෙන ආවා උණු උණුවෙන්ම.. මීට දවස් කිහිපයකට කලින් හොඳ පිටපතක් නිකුත් වුනු Zombieland : Double Tap චිත්‍රපටයයි මේ විදිහට අරගෙන ආවෙ.. ඉස්සරෝම කියන්න ඕන ඔයාලා මේ චිත්‍රපටය බලන්න යන්නෙ Zombieland (2009) චිත්‍රපය නොබලා නම් අනිවාර්‍යයෙන්ම ඒක බලලා මේක බල්ල ගන්න.. නැත්තං අහසින් කඩාපාත් වුනා වගේ මේක බලන්න ගියො මේ කතාව තේරෙන්නෙ නැතුව අන්තිමට අපිත් බැනුම් අහනවා ඒක හින්දා මුළින්ම කියන්න ඕන ඒක බලලා ඉන්න මොකද මේ කතාවට පදනම වැටෙන්නෙ ඒකෙන්..

සාමාන්‍යයෙන් චිත්‍රපටයක පලැනි කොටස ඇවිත් දෙවෙනි එක එන්න ගොඩ කාලයක් ගියොත් එහෙම ඒකෙ ඉන්න ප්‍රධාන චරිතවලට රඟපාපු අය පවා වෙනස් වෙනවා.. ඒත් අවුරුදු 10කට පස්සෙත් ඒ එකම හතර දෙනාම මේ චිත්‍රපටයෙනුත් දැකගන්න ලැබීම විශේෂත්වයක්.. ඉතිං ලොකු කතා නැතුව චිත්‍රපය පැත්තට හැරෙමු..
පලවෙනි චිත්‍රපටයෙදි එකට හම්බෙන කොලොම්බස්, ටැලහාසි, විචිටා, ලිට්ල් රොක් එහෙම්මම මෙකෙත් ඉන්නවා.. එයාලා දැන් අවුරුදු 10 වයසට ගිහින්නෙ ඉතිං පලවෙනි චිත්‍රපටයෙදි අවුරුදු 12ක් වුන ලිට්ල් රොක් දැන් ලොකු කෙල්ලෙක්… ඉතිං දැන් එයාට එයාගෙ වයසෙ තව අය, කොල්ලෙක් වගේ වුවමනාවල් එනවනෙ.. ඉතිං මෙයාට මේ තුන් දෙනා එක්කම ඉඳලා එපා වෙලා කියලා දැනුන විචිටා සුපුරුදු පරිදි ලියුම් කෑල්ලක් ලියලා නංගිත් එක්ක පැනලා යනවා.. මේ වෙද්දි විචිටායි කොලොම්බසුයි අතර සම්බන්ධයක් වගේ තිබ්බට එහෙමමත් නැද්ද මංදා කියලා හිතෙනවා.. ඉතිං කෙල්ලො දෙන්නා පැනලා ගියාට පස්සෙ ඉතිං කොලොම්බස්ට අලිත් කෙල්ලෙක් හම්බෙනවා.. ඊට පස්සෙ අපහු විචිටා එනවා මෙයාලා හිටපු තැනට.. එතකොටයි කොලොම්බසුයි ටැලහාසී දන්නෙ ලිට්ල් රොක් සංගීතකාරයෙක් එක්ක පැනලා ගිහින් කියලා…
ඉතිං මුළු කතාවම කියන්න ඕන නැටි නිසා ඔයාලම මේක අරගෙන බලන්න.. ඕනවට වඩා අප්‍රස්න්න දේවල්වලට කැමති නැත්තං බැලුවෙ නෑ කියලා අපෙ කිසිම විරුද්ධත්වයක් නෑ.. ඉතිං ආයෙමත් අළුත් චිත්‍රපටයක් අරගෙන හම්බෙන්නම් ඔබ සැමට සුභ දවසක්! තෙරුවන් සරණයි
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram