More

    Extracurricular (2020) සම්පුර්ණ පළමු කතාමාලාවේ (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    “සූම් එකෙන් කොරියන් සීරීස් එකක් දෙන්නෙ නැද්ද?”
    “කාලෙකින් දුන්නැති නිසා කොරියන් සීරීස් එකක් ඕන”

    ඔන්න ඔය වගේ ප්‍රශ්නවලට උත්තරේ තමා අද මේ විදිහට අරගෙන එන්නෙ. මම සූම් එකට එකතු වුනේ 2018දි, ඒ කාලෙන් පස්සෙ මේ වෙනකං කොරියන් එකක් දීලා තිබුනෙ නැහැ. ඒවුනත් 2013-2016 වගේ කාලෙ අළුත්ම kdramaවලට පවා සබ් මේකෙන් දීලා තියනවා.

    ඉතිං ඕවත් හිත හිත අන්තර්ජාලයෙ සැරිසර සර ඉද්දි දැක්කා NETFLIX එකෙන් අප්‍රේල් 29 වෙනිදා අළුත් ටීවී සීරීස් එකක් release කරලා කියලා. ඉතිං පොඩ්ඩක් ඒ ගැන හෙව්වම Youth, School, Crime කියන catogory වලට තමා අයිති වෙනවා කියල තිබ්බෙ. මේ සිද්ධිය හින්දම ට්‍රේලර් එකත් හොයාන බලපුවම හිතුනා මේකට නම් සබ දාන්නම ඕන කියලා. ඒ නිසාම සබ් කරන්න අරගෙන සතියකින් ඉවර කරලා තමා මේ විදියට Extracurricular කොරියානු කතාමාලාව ඔයාලා වෙනුවෙන් ගේන්නෙ.

    මේකෙ නම් කතාව ගැන ඇත්තටම වැඩි දෙයක් කියන්න මගෙ කිසිම බලාපොරොත්තුවක් නැ. ඒත් පොඩි හැඳින්වීමක් කරන්නම් හොඳ නැති එකක් කියලා කෙනෙක් අතාරින්න පුළුවන් නිසා.

    එක පාසල් ශිෂ්‍යයෙක්, තාත්තා සූදූකාරයෙක්, මේ නිසා අම්මා ඔවුන්ව අතෑරලා ගිහින්. ඔහු වෙනම තමා ජීවත් වෙන්නෙ. Kyewang උසස් පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් ඔහු. ඉතිං මෙයාගෙ ඉගෙනීම් කටයුතුවලට, කුලිය ගෙවන්න වගේ දේවල්වලට මුදල් ඕන වගේම මෙයාට තියනවා වොන් මිලියන 90ක හීනයක්. මෙයා යම් කිසි ක්‍රමයට මුදල් හොයනවා, ඒකත් පොඩි පොඩි ගනන් නෙවේ. ඉතිං පාසලේ පොඩි දෙයක් නිසා කිසිම යාළුවෙක් නැති ඔහුට කෙනෙක්ව ආශ්‍රය කරන්න හම්බෙනවා. අවාසනාවකට ඔහුගෙ හැමදේම එයාට අහුවෙනවා..

    පොඩ්ඩක් ලියවුනා වැඩී තමා. ඒත් මේක නෙවේ අවසන් කතාව. මේ ආරම්භයක් විතරයි. එහෙනම් ඔන්න විනාඩි 50ක කොටස් 10ම එකවර තමා ගෙනත් දීලා තියෙන්නෙ. එක හුස්මට බලලා දාන්න පුළුවන් ඔයාලට.ඒවගේම සෝදුපත් බලලා දුන්න නවීන් අයියටත් ස්තූති කරන්න ඕන. එහෙනම් තවත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔබ සැමට සුභ දවසක්! තෙරුවන් සරණයි!!

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “එක්ස්ට්‍රා කරිකියුලර් (2020) සිංහල උපසිරැසි” Extracurricular.2020.Sinhala.Subtitle.rar – Downloaded 461 times – 159 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram