spot_img

ඩාර්ක් හෝල් (2021) සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් අදත් ආවා අලුත්ම කථා මාලාවකට උපසිරැසි අරගෙන. ඒකත් සම්පූර්ණ කථාමාලාවේම උපසිරැසි තමයි. අප්‍රේල් 30 විකාශනය වීම ආරම්භ වුන මෙම කතා මාලාවේ අවසන් කතාංගය නිකුත් වුන ගමන් අපි උපසිරැසි අරන් ආවා. මේකෙ නම තමයි Dark Hole. කවුරුත් දන්න OCN නාළිකාව ඔස්සේ තමයි මේකත් විකාශනය වුනේ. පැයේ කථාංග 12කින් සමන්විත වෙනවා.

මහ ඝණ කැලෑවක්, එහි තියෙන පතුලක් නොපෙනෙන විශාල අදුරු කුහරයක්. (වළක්). විශාල කෙමිකල් කර්මාන්තශාලාවක්.. ඒක ඇතුළෙ බියෙන් ගැහෙන ළමයෙක්. අත්භූත ස්වභාවෙකුන් කර්මාන්ත ශාලාව පුරා ගමන් කරන බූවලු අන්ඩක් වගේ යමක්. කර්මාන්ත ශාලාවට හදිසියේ පැමිණ ළමයා බේරගන්න තුවක්කු සහිත දෙදෙනෙක්. ඒ අතරෙ වටෙන්ම පැමිනෙන සොම්බි හමුදාවක් වැනි වියරු වැටුණු මහා පිරිසක්.. එක් වර හදිසියේම බූවලු අණ්ඩ වගේ දේ අයිති කෙනා පෙනී හිටීම. කථාව එතනින් ආරම්භ වීම..

හොදයි අන්න එහෙම කන්ෆියුස් උන්ගා බන්ගා කරලා E12 කථාංගයේ කොටසක් පෙන්වලා තමයි පළමුවන කතාංගය ඇරඹෙන්නේ. හොදයි මේ සියල්ලම ඇරඹෙන්නෙ අදුරු කළු කුහරෙකින්. ඉතිං මේ එක පාරට මතු වුණ කුහරෙ නිස මුළු දේශයක්ම භීතියෙන් ඇලලී යනවා. මේ කුහරෙන් දුමක් ඇවිල්ලා මුළු නගරෙම ආක්‍රමණය කරනවා වගේම කළු දුම නම් යමක් පණ තියෙනවාක් මෙන් පස්සෙන් ඇවිත් මිනිස් සිරුරට ආශ්වාසය හරහා ඇතුළු වෙනවා. ඒත් සමඟම ඒ දුම ආශ්වාස කල කෙනා ඇස් කළු වෙලා අමුතු විදියට මිනී මරන්න ගන්නවා. හරියට සොම්බී ටයිප් කෙනෙක් වෙනවා. එලෙස සෑහෙන පිරිසක් මේ අදුරු කුහරයේ අනසකට යටත් වෙනවා. අදුරු කුහරේ ස්වාමියාට යටත් වෙනවා. මේ වාතාවරණෙ යටතේ යම් නිවේදනයක් නිසා සියළු දෙනා පාසලට දුවන්න ගන්නවා. ඒත් එතනට යම් පිරිසකට පමණයි යන්න පුළුවන් වෙන්නේ. තවත් පිරිසක් රෝහලේ සැගවෙනවා.

සිය සැමියා ඝාතණය කෙරූ දාම ඝාතකයා සොයාගෙන පිටතින් පැමිණෙන රහස් පරීක්ෂකවරියක්. ඇය තමයි මෙහි කතා නායිකාව.. ඉතිං ඇයත් මේ අර්බුදයට මුහුණ පානවා. තව පොළිස් නිළයෙන් පිටමන් කල නිසා ආපධා රථයක් ඩ්‍රයිව් කරන රැයැදුරෙක්.. ඔහු තමයි අපේ කථා නායකයා. මේ අයත් එක් තැන් කිහිපෙක රැදෙන මිනිස් පිරිසක්.. වගේම අදුරු කුහරෙ ස්වාමියා ගෙ ගෝලයෙක් යැයි කියන යකදුරුවරියක්. ඇය පවසන්නේ නම් “ස්වාමියා පිළිගන්න අය ආරක්ෂා වේවි!” යන්නයි. ඒ වගේම ඇයව අනුගමනය කරන භක්තිකයින් පිරිසක්.

හැම තැනම වියරු වැටුණු මිනිස්සු.. එළියට ගියොත් ශරීරගත වන කළු දුම.. මේ තත්වය යටතේ සිය දිවිය රැක ගැනීමට සටන් වදින මිනිස්සු.. ඇත්තටම මේ කළු කුහරේ මොකක්ද? කළු දුම මොකක්ද? බූවලු අණ්ඩ වගේ පහර දෙන දේ මොකක්ද? මේ නොපෙනෙන බලවේගෙ කොහොම ඇති වූවක්ද? කළු කුහරෙ ස්වාමියා කවුද? පිටසක්වල ප්‍රහාරයක්වත්ද? යකදුරු වරිය සමග ඇති සම්බන්දෙ මොකක්ද? අන්තිමට කවුරු බේරෙයිද? දාම ඝාතකයා කවුද? වගේම මෙයට පිළියම කුමක්ද?

යනාදී ප්‍රශ්න රාශියක් මේක බලද්දි ඇති වෙනවා. අවසානෙ එනකම්ම ඔයාලට ගොඩක් ප්‍රශ්න ඉතුරු වේවි. කුතුහලයෙන් බලන්න පුළුවන් ඒක නිසා. Thriller, Mystery, Fantasy වලට ආස ඔයාලට එහෙනම් බලන්න හොද කතාවක් තමයි මේක. එහනම් බලන්නකො..

මේ කතාමාලාවට උපැසිරැසි අරගෙන එන්න මහන්සි උන සූම් අපේ උපැසිරැසි අංශයේ, අශේන් කවිදු,තිසර දර්ශන විතානගේ,හිමා ශෙනේලි,ලහිරු උදයංග යන සහෝදර සහෝදරියන්වත් මතක් කරන ගමන්ම, දැනට විකාශය වෙන ලස්සන කොරියන් කතාමාලාවක් විකාශය අවසන් උන ගමන්ම ඔයාලට සම්පූර්ණ කතා මාලාවක් විදියටම අරගෙන එනවා කියන ගමන් අදට සමුගන්නවා..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  12ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

14 COMMENTS

  1. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම දෙන්නකෝ .

    • පුළුවන් නම් හොදයි මමත් අසම කතාවක් උපසිරැසි නැති නිසා එන්ග්ලිෂ් වලින් බැලුව මන්..!!
      පුළුවන් නම් මේකේ S1-S4 කලින් දුන්න ටික යේ වෙබ් එකේ දන්නා එක ලොකු දෙයක් වෙබ් එක Change උනාට පස්සේ එකේ උපසිරැසිත් නැති උනානේ

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. තවත් කොරියන් ඩ්‍රාමාවලට සබ් දෙන්න! ජය වේවා!

  4. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

  5. උපසිරසට බොහොම ඉස්තුති…!!
    මේක සිංහල ඔක්කොම කොටස් වලට අවුරුත් දීල නැති නිසා එන්ග්ලිෂ් එක්ක බලන්න හිටියේ
    මේක බලන්නම හිටියේ කතාවක්

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. THANK YOU
    Her Private Life 2019
    City Hunter 2011 සහ
    park min-young ගේ tv series දෙන්න පුලුවන්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram