today-is-a-good-day
More

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 15 හා 16 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සිල්ලා දේශය පේසු ගංගාව හරහා දකුණු දේශයට ඔවුන්ගේ ප්‍රධාන සේනාංකයත්, ප්යෙංසො තැනිතලාව ඔස්සේ හිතක් පපුවක් නොමැති කුලී හමුදාවකුත් මගින් දිශා දෙකකින් ගොගුරියෝවට පහර එල්ල කරන්න ගන්නවා. සිල්ලා ප්‍රධාන සේනාංකයට ගොගුරියෝ රජුගේ රාජකීය හමුදාව මුහුණ දී ජය ගන්නා විට, තැනිතලාවේ වූ සටන ගා-ජින් සහ දල් ප්‍රමුඛ සුන්නෝ ගොත්‍රේ ජයග්‍රහණය කරනවා.

    එම ජයග්‍රහණයත් සමග කුමරිය ප්‍යොන්ගන්ග්’ට සහ සුන්නෝ ගෝත්‍රයට යළිත් මාළිගයේ ඔවුන්ට අහිමි වූ ස්ථානය ත්‍යාග ලෙස ගොගුරියෝ රජු පිරිනමනවා. එය එසේ සිදුවීමත් සමග ගාජින් නැවත මාලිගයට පැමිණි නිසා, තම අරමුණ පෙරමුණට ගෙන චෙන්ජුබැං ප්‍රධානී රජු සහ ඔටුන්න හිමි කුමාරයා ඝාතණයට කුමන්ත්‍රණයක් දියත් කරනවා. එයත් අවසානයේ අසාර්ථක වී ඔහු සිර භාරයට පත් වෙනවා. නමුත් ඔහුව යම් පිරිසක් හිරෙන් පැහැරගනු ලබනවා.

    හරි එහෙනම් අපි දැන් කථාව කොටස් ගණනාවක් තිස්සෙම අතීතයේ ඉදලා දැන් වර්ථමානයට පියනගලයි ඉන්නේ. අද කොටස් වලින් ඔයාලට බලාගන්න තියෙනවා, හිරෙන් පැහැරගත් ප්‍රධානියාට මොකද උනේ? හරියටම කවුද පැහැරගත්තේ? සහ තවත් යුද්ධයක් බලාගන්න පුලුවන්. රුධිරයෙන් වියරු වැටුණු ඔන්-දල් සහ බල තන්හාව ඉහට වදින ප්‍යොන්ග්ගන්ග් කුමරියගේ ඉදිරි ගමන සහ ගෝ වොන් ප්‍යෝ’සමගින් අග රැජිණ අතරේ වූ සම්බන්ධයත් එළිවෙලා, ඔවුන්ට පහරක් එල්ලවෙනවා වගේම රැජිණට කුමරියගෙන් දඩුවමක් ලැබෙනවා..

    යනාදී මේ දේවල් සමඟ තව බොහෝ දෑ එක්ක අද කොටස් දෙකත් එහෙනම් ඔයාලා බලන්නකො. ලබන සතියෙත් ලහිරු අයියා එක්කම උපසිරැසි රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) සිංහල උපසිරැසි” R.W.T.M.R.15-16.Sinhala.Subtitle.rar – Downloaded 1187 times – 95 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    පසුගිය කොටස් වල උපසිරැසි                  මීලඟ කොටස් වල උපසිරැසි

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Leave a Reply to Sandarwan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram