today-is-a-good-day
More

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 01 හා 02 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අපි කලින් දුන්නනෙ ලව්ස්ට්‍රක් ඉන්ද සිටි කොරියන් කතාමාලාව ඔන්ගොයින් කාලෙදිම උපසිරැසි, ඉතින් ඒක අද 17වන කොටසෙන් ඉවර වෙනවා. ඒකෙ අඩුව පුරවන්න ආයෙත් කොරියන් කතාමාලාවකට අත තියන්න අපි හිතුවා. හැබැයි ඉතින් මේ නම් හිස්ටොරිකල් භාන්ඩයක්. ජාතික රූපවාහිනියෙ ඉස්සර හවසට ගිය කතා බලලා තියනව නම් ඔයාල දන්නවා ඒ ගැන. ඉතිහාස කතා වගේ ගොතපු ජාතියක් තමා. ටීසර් වීඩියො පටයෙ ඉඳන් ලොකු කතාබහකට ලක් වෙන්න පුලුවන් වුනා මේ ගේන River Where The Moon Rises (달이 뜨는 강) කතාමාලාවට. මොකද මේකෙ ප්‍රධාන චරිහවලින් ඔවුන්ගෙ පෙර කතාමාලාවලට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිරූපයක් දකින්න ලැබුන නිසා. Han Ji Hoon තිර රචනයෙන් සහ Yoon Sang Ho අධ්‍යක්ෂනයෙන් ප්‍රදාන නලු නිලියන් විදියට සහභාගි වෙන්නෙ

    Kim So Hyun – Pyeong Gang / Yeom Ga Jin / Queen Yeon
    Kim Ji Soo – On Dal
    Lee Ji Hoon – Go Geon
    Choi Yoo Hwa – Hae Mo Yong

    ප්‍රධාන නිලිය කුඩාකාලයේ ඉඳන් පුංචි තිරයෙන් දකින්න ලැබුනු කිම් සෝ හ්‍යුන්. Love Alarm, Tale Of Nokdu, Ruler, School 2015 වැනි කතාවලින් ඉමහත් ජනප්‍රියත්වයක් ගන්න හැකිවුනා. (ඇත්තටම මේක කරන්න තීරනය වුනෙත් මෙයා නිසාමයි) JiSoo වත් නොදන්න කෙනෙක් නැති තරම්, එහෙත් මොහු ගොඩක්ම කරේ දෙවන ප්‍රධාන චරිත. එහෙත් මොහුට මේකෙදි ප්‍රධාන එකම ලැබිලා තිබෙනවා. Moon Lovers, Strong Woman Bong Soon, When I Was The Most Beautiful වගේ කතාවලින් ඔහුව දැකගන්න පුලුවන්. ඒවගේම මේ දෙදෙනාම මීට පෙර Page Turner කතාමාලාවෙන් දැකගන්න ලැබුනා…

    කතාව ගැන කියනවනම් අද අපි 1-2 කොටස් දෙකම අරන් ඇවිත් තියෙන්නෙ. වැඩි දෙයක් කියලා කුතුහලය බිඳින්න බලාපොරොත්තුවක් නැහැ. රජ කතාවක් කියලා කිව්වනෙ, මේ ටිකෙන් දැනට අපිට වැඩි රොමැන්ස් කොටසක් නම් දකින්න ලැබෙන්නෙ නැ. යුද්ධ, මිනී මැරීම් වගේ ඒවා තමා තියෙන්නෙ, කලින්ම කිව්වනෙ කිම් සො හ්‍යුන්ගෙ එහෙම හාත්පසින්ම වෙනස් රංගනයක් තමා දැකගන්න ලැබෙන්නෙ. එහෙනම් ලබන සතියෙ කොටස් දෙක එනතුරු අදට අපි යන්නම්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් සිංහල උපසිරැසි” R.W.T.M.R.1-2.Sinhala.Subtitle.rar – Downloaded 2151 times – 70 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    මිලග කොටස් වල සිංහල උපසිරැසි 

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

      • අනිවාර්යයෙන්ම ඉතිරි කොටස් ටිකත් ආපු ගමන්ම දෙන්නම්😃😃😃😃

      • කොහෙද බං ඩවුන්ලොඩ් කර ගන්න ලින්ක් තියෙන්නේ..😕

    Leave a Reply to Sandarwan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram