today-is-a-good-day
More

    1917 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කවුරු හරි මගෙන් ඇහුවොත් 1917 ෆිල්ම් එක ගැන මොකද හිතන්නේ කියලා මට කියන්න තියෙන්නේ කැමරාවලින් හොඳට වැඩ දාන්න දන්න සෙට් එකක් එකතු වෙලා තමන්ගේ වැඩ පෙන්නපු අවස්ථාවක් කියලා.ඒ කැමරා shots, angles ගැන කතා කරලා වැඩක් නෑ. අනික ඔයාලා මේ වෙද්දි අනිවා ෆිල්ම් එක ගැන අහල ඇති.  මුළු ෆිල්ම් එකම single continuous shot එකක් විදිහට තමා අරන් තියෙන්නේ. පෝස්ට් එඩිට් කරලා තිබ්බත් අපි ෆිල්ම් එක බලද්දි එහෙමයි කියලා අපිට හිතෙන්නේ නැති තරමට මේක සුපිරි.

    Skyfall ෆිල්ම් එකේ director, Sam Mendes තමා මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ. මම කතාව ගැන වැඩිය මුකුත් කියන්න යන්නෑ. කතාවෙ තියෙන්නෙ World War I වල මිනිස්සු 1600කගෙ ජීවිත බේරා ගන්න යන මානුසික මෙහෙයුමක් ගැන. මේක සත්ය සිදුවීම් පාදක කරගෙන හදපු මනක්කල්පිත කතාවක්. අධ්යක්ෂක Sam Mendes ගේ සීයා වන Alfred H. Mendes ගේ World War I වල අත්දැකීම් තමා මේ කතාවට පාදක වෙන්නේ.

    1917 කියන්නේ මේ අවුරුද්දේ සම්මාන විස්සකට වඩා දිනා ගත්ත ෆිල්ම් එකක්. ඒ අතර Best achievement in cinematography, Best achievement in visual effects, Best achievement in sound mixing යන ඔස්කාර් සම්මාන ද Best motion picture – Drama, Best director සඳහා වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ද වෙනවා. ෆිල්ම් එකේ කතාව, මූලික චරිත දෙක වෙන ස්කෝෆීල්ඩ් හා බ්ලේක් වටා ගෙතිලා තියෙනවා. උතුරු ප්රංශයේ ඉන්න බ්රිතාන්ය සොල්දාදුවෝ දෙන්නෙක් වෙන ඔවුන් වෙනත් බලඇණියක් විසින් කරන්නට යන මෙහෙයුමක් නවත්තන්න ආපු හදිසි නියෝගයක් අරගෙන සතුරු බල ප්රදේශයක් හරහා යන එක තමා කතාවට පාදක වෙලා තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක එක continuous shot එකක් විදියට අරන් තියෙන නිසා මේ දෙන්නගේ ගමනේ ඉන්න තුන්වෙනියා අපි වෙනවා. එහෙනම් ඒ තුන්වැනි ගමන් කරුවිදියට ඔබට යන්න ආරාධනා කරමින් මං සමුගන්නවා.

    • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” 1917.2019.Sinhala.subtitle.rar – Downloaded 1028 times – 23 KB

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram