spot_img

Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මම අද මේ පැත්තට ගොඩ වුනේ ඊයේ නිකුත් වුන ලස්සන චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන. දැක්ක ගමන් හිතුවේ ස්ට්‍රීට් ඩාන්සර් වගේ සීන් එකක් කියලා නේද? අපෝ මේ ඒවගේ එකක් නම් නෙවෙයි සගෝ. මේකේ වෙනම සීන් එකක් යන්නේ.. කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සෝක් කතාවක් 🙂 මේක නම් මං හිතන් හිටියේ වැඩක්ම නැති එකක් කියලා. හැබැයි වානි කපූර් ඉන්න නිසා නොබලා ඉන්න බැරි උනා. ඉතින් මේක බැලුවට පස්සේ සබක් ගහන්න හිතුවා. දවසින් දෙකෙන් සබ ඉවර කරගන්න බැරි නිසා කීපදෙනෙක් ගේ හවුල්කාරීත්වය මත තමයි මේ සබ් එක අරන් ආවේ. ඉතින් ලහිරු උදයංග සගයාටත්, රොශේන් සගයාටත් මේ අවස්තාවේ විශේෂ ස්තූතියක් ලබා දෙන්න ඕන.

කතාව පැත්තට පොඩ්ඩක් බහිමු එහෙනම් ඉන්දියාවේ චන්දිගඩ් වල ඉන්න කායවර්ධකයෙකුගේ ජීවිතය වටා ගෙතෙන මේ කතාවේ එයාගේ අදිශ්ඨානය වෙන්නේ G.O.A.T තරඟය දිනන එක.මෙයා පිට පිටම පරාද වෙන නිසා ජිම් එකට එන ගනදෙනු කාරයෝ අඩු වෙනවා. ඒක නිසා මේ ජිම් එක පවත්වාගෙන යන්න සහයෝගය දෙන එයාගේ යාලුවෝ දෙන්නාට පුලුවන් කමක් ලැබෙනවා මේ ජිම් එකේ පොඩි ඉඩක් අමතර ආදායමක් විදිහට සුම්බා පන්තියක් කරන ගුරුවරියකට ලබාදෙන්න. පස්සේ මේ කායවර්දන ශිල්පියාට තරුන සුම්බා ගුරුවරිය ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ දෙන්නා යාලු වෙලා ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්නය මේ කතාවේ ප්‍රධාන මාතෘකාව වෙනවා. ඉතින් ආරාධනා කරනවා නරඹන්න…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram