spot_img

Champion (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ අවුරුද්දෙ නිකුත් උන අලුත්ම අලුත් දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරන් ආවේ.drama/sport ගණයට අයත්වන මේ චිත්‍රපටයට 6.8ක් තරම් ඉහල imdb අගයක් වගේම 81%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් හිමිවෙලා තියෙනවා. කතාවේ චරිත පැත්තත් චුට්ටක් බැලුවොත්;ප්‍රධාන චරිතයන් රඟදක්වන්නේ මෑතකාලයකදී දමිල සිනමාවට පිවිසි දක්ෂ නළු Vishwa සහ සුරූපි නිලී Mirnalini Ravi විසිනි.

කතාවත් පොඩ්ඩක් කියනවනම්;ජෝන්ස් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම ෆුට්බෝල් සෙල්ලම් කරන්න කැමති කෙනෙක්. එයාගෙ තාත්තා ගෝපිත් ෆුට්බෝල් වලට ගොඩාක් ආසකරන කෙනෙක්.එයාගෙ එකම හීනය තමා ජෝන්ස්ව ෆුට්බෝල් වලින් ඉහලටම අරන් යන එක.නමුත් එක්තරා සිදුවීමක් නිසා ජෝන්ස්ගේ තාත්තා ගෝපීව මැරුනා කියල දැනගන්න ලැබෙනවා. හැමෝම වගේ හිතන්නේ ඒක ෆුට්බෝල් සෙල්ලම් කරද්දි උන ස්වභාවික මරණයක් කියලයි.ජෝන්ස් පවා එහෙම තමා හිතාගෙන ඉන්නේ.නමුත් එක්තරා සිදුවීමකින් ජෝන්ස්ට දැනගන්න ලැබෙනවා එයාගෙ තාත්තව කවුදෝ කෙනෙක් මරල දාල කියලා.ජෝන්ස් එයාගෙන් පලිගන්න කියල බලාගෙනමයි ඉන්නේ මේ පලිගැනීමත් එක්ක ජෝන්ස්ගේ ෆුට්බෝල් හීනයට මොකද්ද උනේ කියල චිත්‍රපටය බලලම ඔයාලට දැනගන්න පුළුවන් වෙයි

අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ චිත්‍රපටයත් ඔයාලට කිසිම කම්මැලිකමකින් තොරවම බලන්න පුළුවන් කියලා.ඒ වගේම දමිල චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයෙක් නම් අනිවාරෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයක් විදියටත් මේ චිත්‍රපටය දක්වන්න පුළුවන්. උපසිරසිය නිර්මාණයට සහයෝගය දීපු ලහිරු සහෝවත් මතක් කරමින් තවත් උපසිරසියකින් හමුවන තෙක් අදට මම සමුගන්නවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram