spot_img

Enola Holmes 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Enola Holmes 2 (2022) Sinhala Subtitle

ෂර්ලොක් හෝල්ම්ස් ගැන හැමෝම දන්නවානේ. එයාට සහෝදරයෙක් හිටියා කියලාත් කතා වල තිබ්බා. ඒත් එයාට සහෝදරියක් හිටියා කියලා අපිට අහන්න ලැබුනේ, Enola Holmes (2020) චිත්‍රපටියෙන්. මේ ඒ චිත්‍රපටියේ දෙවෙනි කොටස. හැබැයි, මේක කලින් එකට සම්බන්ධ එකක් නෙමෙයි. පළවෙනි කතාවේ චරිත කීපයක්ම මේකෙත් ඉන්නවා. ඒත් සිද්ධිය වෙනම එකක්.

ගිණිකූරු කම්හලක සේවය කරන බෙසී නැමැති කුඩා ගැහැණු දරුවා, රහස් පරීක්‍ෂකයෙක් හොයාගෙන එන්නේ ඇයගේ සහෝදරිය අතුරුදහන් වෙලා කියලා. මේ සිද්ධිය බාර අරගෙන, ස‍හෝදරියව හොයන්න එනෝලා හෝල්ම්ස්, අපේ කතා නායිකාව, සූදානම් වෙනවා. මේ සඳහා ඇයත් ගිණිකූරු හදන්න සේවිකාවක් විදියට යන්න තමයි හදන්නේ. රහස් පරීක්‍ෂක කතාවක් නිසා, ඊළඟට වෙන සිද්ධි චිත්‍රපටියෙන්ම දැනගන්න එක තමයි හොඳ. නැත්නම්, කුතුහලය තියෙන මේ කතාවේ උපරිම ආශ්වාදය ගන්න බැරි වේවි.

පළවෙනි චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරපු Harry Bradbeer ම තමයි මේ පාරත් වැඩේට අත ගහලා තියෙන්නේ. ඔහුගේම තිර පිටපතක් තමයි මේක. සුපුරුදු පරිදිම චරිත අරගෙන තියෙන්නේ, Nancy Springer විසින් රචනා කරපු The Enola Holmes Mysteries නවකතාවෙන්. හැබැයි, මේක නවකතාවේ එන කතාවක් නම් නෙමෙයි. Netflix ආයතනය තමයි මේකත් ලොව පුරා බෙදාහරින්නේ. රඟපෑමෙන් දායක වුනා, Millie Bobby Brown (එනෝලා), Henry Cavill (ෂර්ලොක්), Louis Partridge (ට්වෙක්ස්බරි), Sharon Duncan-Brewster (මීරා ට්‍රෝයි) ඇතුළු පිරිසක්.

Web ratings ගැනත් වචනයක් කියන්න ඕනේනේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDB 6.8, Rotten Tomatoes 92%, Metacritic 63%, Google Users 96% තම කැමැත්ත පළ කරලා තියෙනවා. ලොකු ගමනක ආරම්භයක්.

තව විශේෂ දෙයක් තියෙනවා. මේක නවකතාවක චරිත පදනම් කරගෙන කරපු චිත්‍රපටියක් වුනාට, මේකේ තියෙන සිද්ධිය ඇත්ත එකක්. 1888 දී සාරා චැප්මන් නැමැති කම්කරු ක්‍රියාකාරිනිය විසින්, ගිණිකූරු හදන කෙල්ලන්ට නායකත්වය දෙමින් වෘත්තීමය ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. මේක ඉතිහාසගත වෙන්නේ, ලෝකේ පළවෙනි කාන්තා නායකත්වයකින්, කාන්තාවන් උදෙසා දියත් කෙරුණු වෘත්තීමය ක්‍රියාමාර්ගය විදියට. මේ කාන්තා චරිතය, අපේ චිත්‍රපටියේ අධ්‍යක්‍ෂකතුමා‍ගේ හිත් බැඳගන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි, ඒ සිද්ධිය අලලා, ඒ ඇතුලත සිදුවුන සිදුවීමක් විදියට, මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ.

එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳලා, ඒ ගැන විස්තර කියන්න. ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram