Enola Holmes 3 (2026) Sinhala Subtitle
එනෝලා හෝල්ම්ස් කියන්නේ ෂර්ලොක් හෝල්ම්ස් ගේ සහෝදරිය. ෂර්ලොක් හෝල්ම්ස් වගේම එයත් දක්ෂ රහස් පරීක්ෂකවරියක්. විමර්ෂකවරියක්. කලින් එනෝලා හෝල්ම්ස් ගේ චිත්රපටි බලලා තියෙන අය දන්නවානේ එයා කවුද කොහොම කෙනෙක්ද කියලා. මේ අද මම උපසිරැසි අරගෙන ආවේ එනෝලා හෝල්ම්ස් චිත්රපටි මාලාවේ තුන්වෙනි චිත්රපටියට. මුලින්ම කියන්න තියෙන්නේ මේක තුන්වෙනි චිත්රපටිය වුනාට, කලින් ඒවා එක්ක සම්බන්ධතාවයක් නෑ. මේක සම්පූර්ණයෙන්ම ස්වාධීන පරීක්ෂණයක්. එකම දේ, කලින් චිත්රපටි වල හිටපු චරිතම තමයි මේකෙත් ඉන්නේ. ඉතිං එයාලාව අඳුරනවා නම් ලේසියි.
උපසිරැසියක් කරන්න ගිහින් අමාරුවේ වැටුණු තවත් අවස්ථාවක් තමයි මේ චිත්රපටි. මුල් දෙක වගේම තමයි, මේකෙත් දෙපිට කැපෙන වචන, තේරුම් වෙනස් විදියට දෙන වාක්ය, උපමා, කතා විලාශය හැමදේම වෙනස්. ඉතිං, කෘතිම බුද්ධිය මේ වගේ වෙලාවල් වලදී අමාරුවේ වැටෙනවා, පරිවර්තනය කරන්න ගිහින්. අපිත් ලේසියෙන් පරිවර්තනය කරනවා නෙමෙයි මේ වගේ ඒවා. ඒ නිසා, මහන්සි වෙලා කරපු මේ වගේ උපසිරැසි වලින්, චිත්රපටිය හරි විදියට තේරුම් අරගෙන බලන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
අපි කලින් චිත්රපට් දෙකටම උපසිරැසි දීලා තියෙනවා. ඒවා බලන්න කැමති නම්, ඉස්සෙල්ලාම ඒවා බලලා ඉන්න. ඇබ්බැහි වෙනවා වගේ. කොහොමත් මම මිලී බොබී බ්රවුන්ට කැමතියි. එයාගේ හැම චිත්රපටියක්ම වගේ බලනවා…
කතාව තියෙන්නේ මෝල්ටා දූපතේ සිදු කෙරෙන්න යන එනෝලාගේ විවාහ උත්සවය එක්ක. හැබැයි, මේ විවාහ උත්සවයේදී එනෝලා හිතන්නේවත් නැති සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. විවාහය අස්සේ විසඳන්න අබිරහසකුත් ලැබෙනවා. මේවා වෙන්නේ කොහොමද? අබිරහස මොකක්ද? ඔන්න චිත්රපටිය බලන්න හේතු.
කලින් චිත්රපටි අධ්යක්ෂණය කරපු Philip Barantini තමයි මේ චිත්රපටියත් අධ්යක්ෂණය කරන්නේ. Nancy Springer රචනා කරපු The Enola Holmes Mysteries පොත තමයි චිත්රපටියට පාදක වුනේ. රඟපෑමෙන් දායක වුනා Millie Bobby Brown (එනෝලා හෝල්ම්ස්), Louis Partridge (ට්වෙක්ස්බරි), Henry Cavill (ෂර්ලොක් හෝල්ම්ස්), Himesh Patel (දොස්තර වොට්සන්) ඇතුලු පිරිසක්.
එහෙනම්, සුපුරුදු පරිදි මේ සිංහල උපසිරැසිය එක්ක චිත්රපටිය නරඹන්න, රසවිඳින්න ආරාධනා! ජයවේවා!!!
Enola Holmes පළමු හා දෙවැනි චිත්රපටි මෙතැනින් ලබාගන්න
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













සබ්එකට තෑන්ක්ස් අයියේ