spot_img

Mortal Kombat II (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Mortal Kombat II (2026) Sinhala Subtitle

අද මම උපසිරැසි අරගෙන ආවේ හැමෝම දන්න, හැමෝම පොඩි කාලේ ඉඳලා සෙල්ලම් කරපු ගේම් එකක් පදනම් කරගෙන හදපු චිත්‍රපටි මාලාවේ එක කොටසකට. පොඩි මකත් කිරීමක් කරන්නම්කෝ.

1992 දී තමයි Mortal Kombat කියන පරිගණක ක්‍රීඩාව එලි දැක්වුනේ. එදා ඉඳලා අද දක්වා ජනප්‍රියත්වය නොනැසී පවතින පරිගණක ක්‍රීඩාවක් විදියට මේක නම් කරන්න පුලුවන්. මේ ක්‍රීඩා කතා වස්තුව පදනම් කරගෙන මුලින්ම චිත්‍රපටියක් නිෂ්පාදනය කලේ 1995 දී. ඒ Mortal Komabt: The Journey Begins.

ඊටපස්සේ මේ කතාවම දිගටම අරගෙන යන්න බැරි නිසාමදෝ, Mortal Kombat Legends කියලා චිත්‍රපටි කතා මාලාවක් නිෂ්පාදනය වුනා. මේක පටන්ගත්තේ 2020 දී Mortal Kombat Legends: Scorpion’s Revenge චිත්‍රපටියෙන්. ඊටපස්සේ 2021 දී Mortal Kombat Legends: Battle of the Realms චිත්‍රපටියත්, 2022 දී Mortal Kombat Legends: Snow Blind චිත්‍රපටියත්, 2023 දී Mortal Kombat Legends: Cage Match චිත්‍රපටියත් නිෂ්පාදන වුනා. මේ සියල්ල ඇනිමේෂන් චිත්‍රපටි.

මේ අතරේදී ඇත්ත මිනිස්සු රඟපාන චිත්‍රපටි මාලාවකුත් නිෂ්පාදනය වුනා. 2021 දී Mortal Kombat චිත්‍රපටිය ආවාට පස්සේ දැන් 2026 දී Mortal Kombat II දෙවෙනි චිත්‍රපටිය එලිදැක්වුනා. අද මගේ උපසිරැසිය අරගෙන ආවේ මේ අලුත්ම චිත්‍රපටියට.

මේක 2021 Mortal Kombat චිත්‍රපටියේ දෙවෙනි කොටස විදියට ගන්න පුලුවන්. මේ වතාවේ ජෝන් කේජ් ඇත්තටම සටන් බිමට යනවා. මේ වතාවේ ෂාඕ කාන් ඉන්නේ අතිශයින් බලවත් අවස්ථාවක. රේඩන් ඇතුල් පිරිසට මේ තරඟාවලිය ජයග්‍රහණය කරන්න බැරි වුනොත්, ඒ කියන්නේ පෘථිවි රාජ්‍යය සම්පූර්ණයෙන්ම මායා ලෝකයට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඉතිං, කවුද මේ වතාවේ පෘථිවිය බේරගන්නේ? චිත්‍රපටිය බලන්නම වෙනවා.

මෙවරත් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Simon McQuoid. රඟපෑමෙන් දායක වෙනවා Karl Urban (ජෝන් කේජ්), Adeline Rudolph (කිටානා), Jessica McNamee (සෝන්‍යා), Martyn Ford (ෂාඕ කාන්) ඇතුලු පිරිසක්. Web ratings වලින් ගත්තාම, IMDb 6.6, Prime video 6.6, Rotten Tomatoes 64% මේ වෙනකොටත් ලබාගෙන තියෙනවා. ආදායම් වාර්ථා අතරටත් ගිහින් තියෙනවාලු. ඩොලර් මිලියන 68 කින් නිෂ්පාදනය වුනු චිත්‍රපටිය, මේ වෙනකොට ලෝකය පුරා ආදායම ඩොලර් මිලියන 128ක් ඉක්මවා ලැබිලාලු.

එහෙනම්, හැමෝම එකතුවෙලා මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. ජයවේවා!!

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram