spot_img

Link Click Season 02 (2022) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Link Click Season 02 (2022) Sinhala Subtitle

 

Link Click පලවෙනි කතා සමය බලපු අය දන්නවා ඇතිනේ පලවෙනි කතා සමය ඉවර වෙන්නේ පිස්සු හැදෙන විදියට කියලා. අන්න එතන ඉදන්ම දෙවනි කතා සමය ආරම්භ වෙනවා. පලවෙනි කතා සමයේ තිබුණු හැම ප්‍රේහෙලිකාවකටම උත්තර දෙවනි කතා සමයෙදි ලැබෙනවා. ඒ කියන්නේ මේ සීසන් එකේ අති විශාල මෙහෙයුමක් කරන්න සිද්ධ වෙනවා කැප්ටන් ෂියාඕ, ලූ ගුවාන් සහ චෙං ෂියාඕෂිට. ඇත්තටම මේ කතා සමය පලවෙනි එකටත් වඩා හොදයි මටනම්. ඒ තරම් සටන් ජවනිකා, ත්‍රාසය, භීතිය සහ කුතුහලය කියන දේවල් වලින් පිරිලා තියනවා. හැම කොටසක්ම මාරම පට්ට.මෙවර කතා සමයේ කොටස් 12 ක් තියනවා. මේකත් සෑහෙන්න පරක්කු වෙලා කරපු සබ් එකක්.

පොඩි දෙයක් කියන්න ඕනි මේ පාර සීසන් එකේ හදවතට වදින සිදුවීම් ගොඩක් තියනවා. ඒ අතරින් මුලිකම දේ තමයි දෙමව්පියන්ගේ අඩ දබර වලින් ගොඩක්ම දුක් විදින්නේ අසරණ දරුවෝ. ඒ දරුවෝ කාට තමන්ගේ දුක කියන්නද? අනික් දේ තමයි දෙමව්පියෝ දික්කසාද වුණාම දරුවෝ පුදුම විදියට මේ ලෝකේ අතරමං වෙනවා. අන්තිමට දරුවෝ ඒ වේදනාවලින් හෙම්බත් වෙලා හොද නරක කියන්නේ මොකක්ද කියන දේත් අමතක වෙලා යනවා. ඒ හින්දා පවුලක ආරක්ෂා කරගන්න ඕනි මුලිකම දේ තමයි පවුලේ අය ගැන තියන අන්‍යෝන්‍ය විශ්වාසය. විශ්වාසය කියන දේ තියනවනම් පිටින් එන කිසිම බලවේගයකට බෑ පවුලක් විනාශ කරන්න. එහෙනම් මේ කතා සමයත් බලන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  12 ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ගිහාන් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram