spot_img

Gunjan Saxena The Kargil Girl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පහුගිය අගොස්තු 12 වැනිදා නිකුත් උන අලුත්ම චිත්‍ර‍පටියක් තමයි මේ අරන් එන්නේ… සුපුරුදු පරිදි මේකත් කොරෝනා ව්‍යවසනය නිසා තිරගත කිරිමට නොහැකි උන චිත්‍ර‍පටියක්..මේක තිරගත කරන්න තිබ්බේ පහුගිය මාර්තු 13 වැනිදා. නමුත් ඒකට නොහැකි උනා.. කොහොම නමුත් මේ දවස් වල තියන තත්වය හැටියට කරන් ජෝහාර් ගේ හා නළු නිලියන්ගේ ළමයින්ගේ චිත්‍ර‍පටි වලටත් එල්ල වෙන්නේ දැඩි විරෝධයක්.. නමුත් මේ චිත්‍ර‍පටිය ඉන්දියානු හමුදාව ගැන කියන එකක් නිසාදෝ ඒ තත්වයෙන් මදක් පමණ ගැලවුනා.. එත් නෙට්ෆිලික්ස් ආයතනය මේක නිකුත් කරද්දි මේක ධර්මා ප්‍ර‍ඩක්ෂක් එකක් කියලා කොයිම තැනකවත් සටහනක් නොකරන්න වඟබලා ගත්තා.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් Sharan Sharma විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටිය Gunjan Saxena නම් 1996 දි ඉන්දියානු හමුදාවට එකතු වි සේවය කල ගුවන් නිලධාරිණියගේ ජිවිත කතාව අලලා නිර්මාණය වුවක්. මෙහි ඇයගේ චරිතයට පණ පොවන්නේ Janhvi Kapoor විසින්.. කතාව ගැන කිව්වොතින් ගුන්ජන් කියන්නේ පොඩිකාලේ ඉදන්ම ගුවන් නිලධාරිණියක් වෙන්න සිහින දකින කෙනෙක්. ඇයගේ මේ හිනයට කවුරුම නැතත් ගොඩක්ම උදව් කරන්නේ ඇයගේ තාත්තා විසින්. එත් ගුවන් ගුවන් නියමු වරියක් වෙන්න ඇයට බාධාවක් එනවා. ඒ තමයි මුදල් නැති කම.. මේ වෙලාවේ තමයි ගුන්ජන්ගේ තාත්තා හිතන්නේ පයිලට් කෙනෙක් වෙන්න බැරි නම් ඇයගේ පියාසරි හිනය සැබැ කරන්න ඇයව ගුවන් හමුදාවට එකතු කරන්න.. එත් ගැණු ළමයෙක් කොහොමද යුධ බිමක බය නැතුව ගුවන් යානාවක් පදවගෙන යන්නේ.. මේ ගැටළුව හැමෝටම එනවා.. ඇය කොහොමින් කොහොම හරි ගුවන් හමුදා නිලධාරිණයක් වෙන්න විභාග එහෙම පාස් කරලා හමුදා ඇකඩමියට යනවා. නමුත් මෙතැනදි තමයි ඇයට ප්‍ර‍ශ්න ගොඩකට මුණ දෙන්න වෙන්නේ..මේ ඇයගේ අරමුණට යන්නට ගොස් ඇයට විදින්නට උන කරදර බාධක මොනාද කියලා චිත්‍ර‍පටිය බලලාම තමයි දැනගන්න පුලුවන් වෙන්නේ.. එහෙනම් නරඔන්න ආරාධනා කරනගමන් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram