spot_img

The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitle

ඔන්න ඉතින් ගේම් ගහපු, කාටූන් බලපු අපේ මතකයන් අලුත් කරමින් මෑතකදී ආපු ‘The Super Mario Bros. Movie’ චිත්‍රපටයේ දෙවෙනි කොටසටත් මම උපසිරැසියක් අරන් ආවා. ඒ තමයි “The Super Mario Galaxy Movie”.

මේ පාර මාරියෝ සහ යාලුවන්ට යන්න වෙලා තියෙන්නේ අභ්‍යවකාශයට. කතාව පටන් ගන්නේ බවුසර්ගේ පුතා වෙන ‘බවුසර් ජූනියර්’ විසින් අභ්‍යවකාශයේ ඉන්න රොසලිනා කුමරියව පැහැරගැනීමත් එක්ක. එයාගේ අරමුණ තමයි රොසලිනාගේ බලය පාවිච්චි කරලා ලෝකේ විනාශ කරන්න පුළුවන් ආයුධයකට පන දීලා එයාගේ තාත්තා වෙන ‘බවුසර්’ව ආපහු ගේන එක. ඉතින් මේක නවත්තන්න මාරියෝ, ලුයිජි සහ පීච් කුමරිය එකතු වෙනවා. මේ ගමනේදී එයාලට බෘක්ලින් වලින් ආපු අපේ පරණ යාලුවා ‘යෝෂි’ ඩයිනසෝරයාව මුණගැහෙනවා වගේම, එයාලව අභ්‍යවකාශයට අරන් යන්න පයිලට් කෙනෙක් විදිහට පරණ ගේම් වල ඉන්න ‘ෆොක්ස් මැක්ලවුඩ්’ කියන චරිතෙත් එකතු වෙනවා.

Illumination සහ Nintendo ආයතන එකතුවෙලා හදපු මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කලින් ෆිල්ම් එක කරපු අධ්‍යක්ෂකවරුමයි.

හඬකැවීම් ගැන කතා කරොත්, කලින් හිටපු ක්‍රිස් ප්‍රැට්, අන්‍යා ටේලර්-ජෝයි, චාලි ඩේ, ජැක් බ්ලැක් සහ කීගන්-මයිකල් කී ඒ විදිහටම මේකටත් හඬ කවනවා. අලුත් චරිත වෙනුවෙන් ඩොනල්ඩ් ග්ලෝවර්, බ්‍රී ලාර්සන්, බෙනී සෆ්ඩි සහ ග්ලෙන් පවෙල් වගේ ගොඩක් ජනප්‍රිය නළු නිළියන් පිරිසක් එකතු වෙලා තියෙනවා.

ආදායම් වාර්තා සහ ප්‍රතිචාර
මේ ෆිල්ම් එකට විචාරකයන්ගෙන් නම් ඒ තරම් හොඳ ප්‍රතිචාර ලැබිලා නැහැ. ගොඩක් අය කියන්නේ කතාවේ ලොකු ගැඹුරක් නෑ, කලින් එක තරම්ම සාර්ථක නෑ කියලා. හැබැයි මොන විචාරකයා මොනවා කිව්වත් ප්‍රේක්ෂකයෝ නම් මේ ෆිල්ම් එක ආදරෙන් වැළඳගෙන ඉවරයි. රිලීස් වෙලා සති කීපයක් යන්නත් කලින් මේක ලොකු ආදායමක් හොයලා, මේ අවුරුද්දේ දැනට වැඩිම ආදායමක් හොයපු ඇනිමේෂන් ෆිල්ම් එක බවට පත් වෙලා තියෙනවා! ඒ වගේම මේක හදන්නත් ලොකු මුදලක් වියදම් වෙලා තියෙනවා.

ඔයා මාරියෝ ගේම්ස් ප්ලේ කරලා තියෙනවා නම්, විශේෂයෙන්ම Super Mario Galaxy වගේ ගේම්ස් වලට ආසයි නම්, ගොඩක් පරණ මතකයන් අලුත් කරන දේවල් මේ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන් වෙයි. පවුලේ හැමෝටම එකට ඉඳගෙන විනෝදෙන් බලන්න පුළුවන් ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

WEB Updated!!

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 PSA වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram