Do Deewane Seher Mein (2026) Sinhala Subtitle
ඔන්න එහෙනම් අද අරන් ආවේ Romance / Comedy ශානරයන්ට අයත් වන, හිතට සැහැල්ලුවක් දැනෙන (Feel-good) ගණයට අයත් වෙන චිත්රපටියක් අරන්… මේක පවුලේ හැමෝටම බලන්න පුලුවන් ලස්සන ආදර කතාවක්.. Siddhant Chaturvedi හා Mrunal Thakur මෙහි ප්රධාන චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා..
කතාව ගැන ටිකක් කියන්නම්කෝ කාර්යබහුල නගරයක් ඇතුළේ 8 – 5 රස්සාව අස්සේ හිරවෙලා… ජිවිතේ ගෙවන ගමන් නොසිතූ විදිහට ආදරය හොයාගෙන යන එක කොයිතරම් අමාරුද කියලා හැමෝම දන්නවානේ… අපේ කතාවේ ප්රධාන චරිතය ශෂාන්ක් කියන්නේ සාමාන්ය කෝපරේට් සමාගමක රැකියාව කරන, හැමදාම මොකක් හෝ ප්රශ්නෙකට මුහුණ දෙන තරුණයෙක්.. ජිවිත කාලේටම ආදරයක් ලැබිලාත් නැහැ. ඉතින් දෙමව්පියෝ හිතනවා යෝජිත විවාහයක් කරලා දෙන්න. එහෙම හම්බවෙන්න යන ගැණු ළමයා තමයි රොෂ්නි. ඇයත් ජිවිතේ ආදර සම්බන්ධයකින් බිදිලා මේ කසාද කියන දේ එපාම වෙලා ඉන්න කෙනෙක්. රොෂ්නිගේ අම්මා තමයි රොෂ්නිට කසාදයක් හොයන්නේ. ඒ නිසාම ශෂාන්ක්ව දැක්ක ගමන්ම රොෂ්නි කසාදේ රිජෙක්ට් කරනවා. එත් ශෂාන්ක්ට රොෂ්නිව හිතට අල්ලනවා. ඉතින් ශෂාන්ක් කැමැති නැහැ එයාව අහිමි කරගන්න.. ඉතින් මේ දෙන්නාගේ කතාව කොමාවකින් පටන් ගනිවිද? නැත්නම් කතාව පටන් ගන්න කලින්ම නැවතිමේ තිතක් තියේවිද? අරන් බලන්නකෝ… ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක්.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰












ස්තූතියි දර්ශණ අයියේ මේකට සිංහල උපසිරැසි දුන්නට
Thanks