Youth (2026) Sinhala Subtitle
කාලේකට පස්සේ දෙමළ චිත්රපටියකට උපසිරැසියක් අරන් ආවා… මේක නම් මුල ඉදන් අගටම හිනා වේවි බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්. මේ චිත්රපටිය අධ්යක්ෂණය වගේම ප්රධාන චරිතය රඟපාන්නේ Ken Karunas විසින්. ඊට අමතරව Suraj Venjaramoodu,Devadarshini,Anishma Anilkumar,Meenakshi Dinesh හා Priyanshi Yadav ප්රධාන චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා… ෆිල්ම් එකටම ගැලපෙන්නම G. V. Prakash Kumar ගේ සංගිත අධ්යක්ෂණයත් ගානටම ගැලපිලා තියෙනවා. කෝටි 6ක් වියදම් කරලා හදපු මේ චිත්රපටිය කෝටි 80 පන්නලා බොක්ස් ඔෆිස් ආදායමක් තියන්නත් සමත්වෙනවා.
කතාව ගැන කිව්වොත් ප්රවීන් කියන්නේ 12 වසරේ ශිෂ්යයෙක්… අපේ වගේ නම් එලේවල් ක්ලාස් යන කෙනෙක්. ප්රවීන්ට ඉස්කොලේ හිත ගිය එක එක කෙල්ලෝ ඉන්නවා. ඇත්තටම මේ කවුරුත් ප්රවීන්ට කැමැති නැහැ. කොහොම හරි ඉදලා ඉදලා ප්රවීන්ට ඉස්කොලේදි ගැණු ළමයෙක්ව සෙට් වෙනවා ඒ තමයි ප්රේෂිකා… ප්රෙෂිකාව සෙට් උනා විතරයි මෙන්න බොලේ ප්රවීන්ට ඉස්කොලේ තවත් කෙල්ලෙක් කැමැත්තෙන් ඉදලා.. ඒ කෙල්ල ප්රවින්ට ෆේස් බුක් එකෙන් මැසේජ් එකක් දාලා… කොහොම හරි ප්රවීන්ටත් පට්ටම හැපි මොකද කෙල්ලෙක් නැතුව වේලි වේලි හිටපු එකාට දැන් ලව් දෙකයි.. ඉතින් හින් නුලෙන් එකම ඉස්කොලේ ප්රවීන්ට මේ ලව් දෙකම බැලැන්ස් කරගන්න පුලුවන් වේවිද? ප්රවීන්ගේ ජිවිතේ මොන මොන දේවල් වේවිද? ඒ සේරම ෆුල් ජොලියේ ඔයාලාටත් බලාගෙන ඉන්න පුලුවන්.. චිත්රපටියේ පැය දෙක ගෙවිලා යනවා දැනෙන එකක්වත් නැහැ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා සුභ දවසක්…
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰












ස්තූතියි දර්ශණ අයියේ මේකට සබ් දුන්නට
Thanks