Reminders Of Him (2026) Sinhala Subtitle
කොලීන් හූවර් විසින් 2022 රචනා කරන ලද රිමයින්ඩර්ස් ඔෆ් හිම් නවකතාව තමයි ඒ නමින්ම 2026 වසරේ චිත්රපටියට නැගෙන්නේ… ඇයගේ නවකතා වලින් චිත්රපටි 4ක් පමණ සිනමාවට නැගිලා තියෙනවා… ඒ අතරින් මේ නවකතාව සිනමා තිරයට ගෙන්න අධ්යක්ෂණය කරන්නේ වැනේසා කැස්විල් විසිනුයි. ප්රධාන චරිත විදියට මයිකා මොන්රෝ, ටිරික් විතර්ස්, රූඩි පැන්කෝව්, රංගනයෙන් දායක වෙනවා..
කතාව ගැන කිව්වොතින් කේනා රෝවන් විසින් හිරෙන් නිදහස් වෙලා ආපහු තමන්ගේ ගම්පලාතට එනවා.. මේ නගරයේදි තමයි කේනාට තමන්ට ලස්සන මතක සටහන් මෙන්ම ජිවිතේ හැමදේම නැති වෙලා ගියෙත්.. හැබැයි ඒ මතක සේරම එක්ක ජිවිතේ ආපහු පටන් ගන්න තමයි කේනා තමන්ගේ හිටපු පලාතටම එන්නේ. කේනාගේ පෙම්වතා තමයි ස්කෝටි… හැබැයි ස්කොට් දැන් මේ ලොකේ නැහැ… එත් කේනා ඩයරි එකක් තියාගෙන තමන්ගේ හිතේ තියන හැමදේම ස්කෝටිට ලියනවා. මං කලින් කිව්වානේ කේනා එන්නේ හිරෙන් නිදහස් වෙලා කියලා… ඇය හිරේට යන්න හේතුව වෙන්නෙත් ස්කෝටිගේ මරණය. හැමෝම චෝදනා කරන්නේ ඇය නිසා ස්කොටි නැති උනා කියලා.. ඇත්තටම ඒක එහෙමද? නැත්නම් ඇයගේ ආදර කතාවට මොකද උනේ? තමන්ගේ හැමදේම අහිමි උන..එකේ මිනිස්සු තමන් එක්ක තරහින් ඉන්න ටවුන් එකටම ඇය ආපහු එන්නේ ඇයි? ඒක දැනගන්න ඉතින් චිත්රපටිය නරඔන්නම වෙනවා.
ඔයාලා දන්නවානේ ඉංග්රිසි නවකතා වලින් හැදෙන මේ වගේ ආදරය ගැන හැදෙන චිත්රපටි වල වයිබ් එක වෙනම විදියයි කියලා. ඒක නිසාම තමයි උපසිරැසි කරලා අරන් ආවේ. එහෙනම් රසවිදින්න කියලා ආරධනා කරන ගමන් සමුගන්නවා ඔබට සුභ දවසක්.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰












තෑන්ක්ස් අයියේ සබ්එකට