spot_img

KD : The Devil (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

KD : The Devil (2026) Sinhala Subtitle

ඔන්න ඉතින් අද අරගෙන ආවේ කන්නඩ චිත්‍රපටියක් මේක කිසිම කම්මැලියි කමක් නැතිව එක දිගට බලන්න පුලුවන් හොද ඇක්ෂන් කොමඩි ඩ්‍රාමා හැම එකටම අයත් වෙන එකක්…

ජනප්‍රිය කන්නඩ නළු ධ්‍රැව් සර්ජා මෙහි ප්‍රධාන චරිතය වන කාලි හෙවත් KD ලෙස රංගනයෙන් දායක වනවා…මිට අමතරව සංජේ දත් සහ ශිල්පා ෂෙට්ටි මෙහි රංඟනයෙන් දායක වෙනවා… ප්‍රවීණ නළු රමේෂ් අරවින්ද් සහ සුපිරි නළු කිච්චා සුදීප්ගේ ගේ සුවිශේෂී ආරාධිත රංගනයක්ද මේ චිත්‍රපටියෙන් අපිට බලාගන්න පුලුවන්

කතාව ගෙතෙන්නේ 1970 දශකයේ බැංගලෝරය පසුබිම් කරගෙනයි. කාලි කියන්නේ තමන්ගේ පවුලත් එක්ක සරල ජීවිතයක් ගත කරන භූමිතෙල් වෙළඳාමේ යෙදෙන තරුණයෙක්. ඔහු තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන ධර්මාට ගොඩක් බයයි වගේම ගරු කරනවා. ඒ වගේම ඔහු කුඩා කල සිටම බැංගලෝරයේ දරුණුතම පාතාල කල්ලි නායකයෙක් වෙන ධක් දේවා තමන්ගේ වීරයා විදිහට සලකනවා. කොහොම හරි කාලිගේ ජීවිතය වෙනස් වෙන්නේ ඔහුගේ පවුලට සිදුවන යම් යම් සිදුවිම් ටිකක් නිසා…. මේ සිදුවීම් හරහා ඔහු තමන් වීරයෙක් කරගෙන හිටපු ධක් දේවා ගේ ඇත්ත තත්වය වටහා ගන්නවා. තමන්ගේ පවුල විනාශ කරන්න උත්සාහ කරන්නේ තමන් වන්දනා කරපු දේවාම බව තේරුම් ගන්නා කාලි ඒ වෙනුවෙන් නැගි සිටිනවා… ඉතින් තවත් කියන්න යන්නේ නෑ ඉතින් අදට සමුගන්නම් තවත් මේ වගේම නිර්මාණයකින් නැවතත් හමුවෙමු ජයවේවා.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1TamilMv වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන් අසේල
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram