Drishyam 3 (2026) Sinhala Subtitle
ලංකාවේ වගේම මුළු ලෝකෙම ලොකු පෙරළියක් කරපු Drishyam චිත්‍රපටි මාලාවේ 3 වෙනි කොටස තමයි අද අරගෙන අවේ.
ජෝර්ජ්කුට්ටි තමන්ගේ පවුල බේරගන්න කරන සුපිරිම මොළේ සෙල්ලම් ගැන අපිට Drishyam 1 සහ 2 බල්ද්දී මතකයිනේ හැමෝම හිතුවේ කතාව එතනින් ඉවරයි කියලා හැබයි අධක්ෂක ජිතු ජෝසප් මහත්තයා මේ පාරත් හැමෝම හොල්මන් වෙන විදියේ අලුත්ම Twist එකක් එක්ක තමයි Drishyam 3 අරගෙන ඇවිත් තියෙන්නේ Drishyam 3 ෆැන්චයිස් එකේ හොඳම collection එක සොයමින්, ඒ කියන්නේ කෝටි 240ක් සහ මලයාලම් සිනමා ඉතිහාසයේ වැඩිම collection ලබාගත්තු චිත්‍රපට ලැයිස්තුවේ හතරවෙනි ස්ථානය ගැනීමට මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.
මෙහි හින්දි චිත්‍රපටය ඔක්තොම්බර් මසත් සිංහල චිත්‍රපටය ජනවාරි මසත් නිකුත් වන බවයි වැඩිදුරටත් ආරංචි මාර්ග වල සඳහන් වෙන්නෙ.
Mohanlal, Meena, Ansiba Hassan, Esther Anil ප්‍රධාන චරිත රඟන මේ Crime Drama Film එක Jeethu Joseph අධ්‍යක්ෂණයක්. පෙර Drishyam චිත්‍රපට දෙක වගේම 12th Man, Kooman, Neru, Nunakkuzhi කළෙත් ඔහු.
2013 ආපු Drishyam හා 2021 ආපු Drishyam 2 හී දිගුවක් මේක. ඒ වගේම Drishyam අවසාන චිත්‍රපටය මෙය බවයි අධ්‍යක්ෂක කලින් කීවේ. හැබැයි හතරවෙනි එකකට ඉඩකුත් තියලයි Drishyam 3 ඉවරවෙන්නෙ Drishyam 3 කතාව ගැන ටිකක් කිව්වොත්,
Drishyam 2 ඉවර වෙලා දැන් අවුරුදු 5ක් ගතවෙලා. ජෝර්ජ් කුට්ටිගේ පවුලේ අය දැන් ගොඩක් හොඳින් ස්ථාවරව ජීවත් වෙනවා. එයාලට දැන් ලොකු සිනමා ශාලාවකුත් තියෙනවා. හැබැයි ඒ පරණ අඳුරු රහස ආයෙමත් එයාලගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. අලුත් ලොකු අනතුරක් එයාලගේ පවුලට ළං වෙනවා. තමන්ගේ පවුල බේරගන්න ජෝර්ජ් කුට්ටි ආයෙමත් එයාගේ මොළේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්නම ඕනේ! විශේෂම දේ තමයි, මේ කතා මාලාවේ ලස්සන තියෙන්නේ ගහගන්න ඒවයේ නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම මොළෙන් කරන ගේම් එකක්. කතාවේ තියෙන ශක්තිය, චරිතවල හැඟීම් සහ කතාවේ තියෙන පෙරළි නිසා මේක ගොඩක් රසවත්! මීනා, අන්සිබා, එස්තර් අනිල් වගේ කලින් හිටපු අයම තමයි මේ පාරත් පවුලේ සාමාජිකයන්ට රඟපාන්නේ. ඒ වගේම ආශා ශරත් රඟපාන පොලිස් චරිතය ආයෙමත් එන නිසා ෆිල්ම් එක තවත් උද්වේගකර වෙලා තියෙනවා! තවත් වැඩි දෙයක් කියන්නේ යන්නේ නෑ ඉතින් තවත් උපසිරුසියකින් ඉක්මනින් හමුවෙමු ජයවේවා!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]












සබ්එකට තෑන්ක්ස්
Thanks