Obsession (2026) Sinhala Subtitle
මේ දවස්වල හැමතැනම කතාවෙන Obsession (2026) ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක IMDB අගය 8.1 අරන් තියෙනවා රේටින්ග්ස් 83000 ගානකින්. ඒ රේටින්ග් එක මේ ෆිල්ම් එකට ලැබෙන්නම ඕන අනිවාරෙන් 🤩. ලක්ෂ 7.5කින් හදපු මේ ෆිල්ම් එක මේ වෙනකොට ලක්ෂ 2290 ක් උපයලා තියෙනවා, ඒකෙන්ම හිතාගන්නකො ෆිල්ම් එක මොනවගේද කියලා 😌.
ඉතින් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණයත් කතාවත් Curry Barker ගෙ 🎥. Michael Johnston, Inde Navarrette, Cooper Tominson සහ Megan Lawless තමයි ප්‍රධාන චරිත 4 රගපාන්නේ.
කතාව පැත්තට යමු එහෙනම් 🙂, ප්‍රාර්ථනාවක් කරලා ලී කෑල්ලක් කැඩුවම ප්‍රාර්ථනාව ඉශ්ට වෙනවද? 😨 මේ ෆිල්ම් එකේ නම් එහෙම වෙනවා. බෙයාර් කියන කොල්ල තමන්ගේ ක්‍රශ් එකට දෙන්න මේ මැජික් ලීය ගෙනියනවා. හැබැයි අන්තිමට ප්‍රාර්ථනාව කරන්නේ බෙයාර්ම තමයි 🫠. ඔන්න එතන ඉදන් තමයි ඇත්තම ෆිල්ම් එක පටන්ගන්නෙ 🫣. තප්පරයක්වත් ඇස් අහකට ගන්න බැරිවෙන විදියට ඇගේ මයිල් කෙලින් වෙන්න ගන්නෙ ඔතනින් එහාට 🤒. එතනින් එහා ඔයාලා ෆිල්ම් එකෙන්ම බලල දැනගන්නකො එහෙනම් 💀.
මේ ෆිම්ල් එක කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ඇගේ මයිල් කෙලින් වෙන Body Horror ෆිල්ම් එකක් කිව්වොත් ඒක වැරදි නෑ 😬 . ෆිල්ම් එක කොහොමද කියල එහෙනම් ඔයාලම බලන්නකො…❤️
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













බඩු ඇවිත් ඔරිජිනල් බ්‍රෝ 😎
තෑන්ක්ස් මචං