spot_img

The Sheep Detectives (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Sheep Detectives (2026) Sinhala Subtitle

ජෝර්ජ් හාඩි කියන්නේ බැටළු ගොවිපොළක් කරගෙන යන ගොපල්ලෙක්. මෙයාගේ හරි විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි, හැම දාම හවසට පුරුද්දක් විදියට, බැටළු රංචුව පිරි වරා ගෙන, අබිරහස් මිනීමැරුම් ගැන කතා කියවනවා. මේ කතා හැම බැටළුවෙක් ම අහ ගෙන ඉන්නවා කියලා තමයි ජෝර්ජ් විශ්වාස කලේ. හදිස්සියේ දවසක, ජෝර්ජ් මියයනවා. ඒක දකින බැටළුවෝ තීරණය කරනවා, මේක මිනීමැරුමක්, ඒ වගේ ම බැටළුවෝ මේ අබිරහස විසඳන්න ඕ‍නේ කියලා. දැන් අපේ බැටළු විමර්ෂක කණ්ඩායම කොහොමද මේ අබිරහස විසඳන්නේ?

The Sheep Detectives 2026 චිත්‍රපටියේ කතාව තමයි මම ඒ කෙටියෙන් කියන්න ගත්තේ. මේ චිත්‍රපටිය නිර්මාණය වුනේ 2005 වසරේ Leonie Swann විසින් රචනා කරපු Three Bags Full කියන නවකතාව පදනම් කරගෙන. පොත ලියලා අවුරුදු ගානක් යනකල් මේක චිත්‍රපටියකට සුදුසුයි කියලා කවුරුවත් හිතුවේ නෑ. හැබැයි, Kyle Balda අධ්‍යක්ෂකවරයා තීරණය කලා Craig Mazin ලවා චිත්‍රපටි තිරකතාවක් නිර්මාණය කරගන්න. චිත්‍රපටිය මේ තරම් සාර්ථක වෙන්න, කටහඬින් දායක වුණු ශිල්පීන්ගේ හැකියාවන් ඉහලින්ම හේතු වුනා. ඒ වගේම, මිනිස් චරිත රගපාපු නවක රංගන ශිල්පීන් පිරිසත් තමන්ගේ උපරිමය චිත්‍රපටියට දීලා තියෙනවා. කටහඬින් දායක වුනා, Julia Louis-Dreyfus (ලිලී), Bryan Cranston (සෙබස්තියන්), Chris O’Dowd (මෝපී) ඇතුලු පිරිසක්. ඒ වගේම, Hugh Jackman (ජෝර්ජ් හාඩි), Nicholas Braun (ටිම් ඩෙරී), Molly Gordon (රෙබෙකා හැම්ප්ස්ටඩ්) ඇතුලු පිරිසක් රඟපෑමෙන් දායක වුනා.

Sony Pictures Releasing International විසින් ලොව පුරා බෙදහැරීම 2026 මැයි 2 වෙනිදා ආරම්භ කලා. ඩොලර් මිලියන 75ක පමණ වියදමින් නිර්මාණය වුණු චිත්‍රපටිය, මේ වෙනකොට ඩොලර් මිලියන 131ක් ඉක්මවූ ආදායමක් ලබාගෙන තියෙනවාලු.

Web ratings ගැනත් වචනයක් කියන්න ඕනේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, මේ චිත්‍රපටිය ලබාගෙන තිබ්බා IMDb 7.4, Prime Video 7.4, Rotten Tomatoes 95%.

එහෙනම්, හැමෝටම මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳින්න ආරාධනා!! ජයවේවා!!

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB HD පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram