spot_img

Mile 22 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කතාවක් තියෙනවා මුණට පේන්න හිනා වෙලා ඉන්න අය විශ්වාස කරන්න හොඳ නැහැයි කියලා…මං බොරුවක් කියනවනම් ඔයාගේ ළඟින්ම..එහෙමත් නැත්නම් ඔයාගේ පවුලේ කෙනෙක්වම උදාහරණයට අරගෙන බලන්න… විශේෂයෙන් ගෑණු උදවිය එහෙම….

කිව්වා වගේම ඉතිං වැඩි දවසක් යන්න කළින් මේ පැත්තට එනවා..සුපිරි ෆිලුමකුත් අරගෙන..දරේ මගෙන් මේක කරමුද ඇහුවම බෑ කියන්න බැහැනේ ඉතිං…ඔන්න ලැබෙන කාලය උපරිම ප්‍රයෝජනයට අරගෙන ..හැකි විදිහට කළා…කාලෙකින් මේ වගේ ෆිලුමක් නොකළ නිසා…මං කතා කරන භාෂාවෙන් සබ් ලියන හිංදත්…පොඩි වචන පැටලෙන ගතියක් තිබුණා…වැරද්දක් වෙලා තිබ්බොත් සමාවෙන්න.. අනික මේක comment එකකටත් ඉල්ලලා තිබුණා.. ඕන්න එහෙනං පොරොන්දුව ඉෂ්ඨ කළා…අපි කතාව පැත්තට යමු…

මං වැඩිය වල් පල් කියවන්න යන්නේ නෑ….මොකද මේක කියවන්න එපා වෙන නිසා…මේකේ වෙන්නේ ඇමරිකානු රහස් ඔත්තු සේවය ඔත්තුවක් ලැබෙනවා..ඒ ඔත්තුවට අනුව මෙයාලා වැටලීමක් කරනවා..ඒ වැටලීමේදී මෙයාලට අවශ්‍ය වුන දේ හොයාගන්න බැරි වෙනවා..මොනවද ඒ අවශ්‍ය දේ.. ඒ තමයි “සිසියම්”…හැබැයි මෙයාලට ඔත්තුව දුන්න කෙනා “සිසියම්” තියෙන තැන් ගැන දන්නවා…බුද්ධි අංශයේ ප්‍රධාන මෙහෙයුම තමයි සිසියම් හොයා ගන්න එක..කොහොම හරි මෙයාල ගාවට අර ඔත්තු කාරයා එනවා එන්නේ නිකං නෙමෙයි…..”සිසියම්” තියෙන තැන් ගැන සදහන් වෙලා තියෙන ඩික්ස් එකකුත් අරගෙන…හැබැයි මෙයා මේක කාටවත් ඇරගන්න බැරි විදිහට “paasword” එකක් දාලයි අරගෙන එන්නේ..මෙයා කියනවා මාව ඔයාල ඇමරිකාවට අරගෙන යන්න…ඊට පස්සේ මං ඔයාලට “password” එක දෙන්නං කියලා..අනික බුද්ධි අංශයක් කොහොමද මෙයාව විශ්වාස කරන්නේ..මෙයා මොනවා කරලද විශ්වාසයක් ගොඩ නගන්නේ…මෙයාව බුද්ධි අංශයේ අය ඇමරිකාවට ගෙනියිද?…ඇත්තටම මෙයා ඔත්තු කාරයෙක්ද?…එහෙමත් නැත්නම් තවත් රටක රහස් නියෝජිතයෙක්ද?..ඒක දැන ගන්න නම් බලන්නම වෙනවා…එහෙනං නමෝවිත්තියෙන් අපි කැපුනා..නැවත හමුවෙමු….සුභම සුභ දවසක් වේවා..!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram