spot_img

Sanju (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

PK චිත්‍ර‍පටියෙන් වසර හතරකට පස්සේ තමයි රාජ්කුමාර් හීරානීගේ නවතම චිත්‍ර‍පටිය වන මේ සංජූ චිත්‍ර‍පටිය එලිදකින්නේ… අපි කවුරුත් දන්න බොලිවුඩයේ නළුවෙකු වෙන සංජේ දත්ගේ ජිවිත කතාව තමයි මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ… IMDB දර්ශකයේ 8.2 අඟයක් වගේම දැනට කෝටි 539ක අදායමක් ලබා ගනිමින් මේ චිත්‍ර‍පටිය 2018 වසරේ නිකුත් උන චිත්‍ර‍පටි අතර පෙරමුණේ පවතිනවා. ඒ විතරක්ම නෙමෙයි රන්බීර් කපූර්ගේ රංඟනය ගැනත් බොහෝ දෙනා මේ නිසාම කතා කරන්න ගත්තා.. කෙනෙක්ගේ චරිතයක් අනුකරණය කරන එක සුළුපටු කාර්යයක් නෙමෙයි.. සංජේ දක්ට අනන්‍යවු කතා බාහා ඇවිදිම මේ සියල්ලම එලෙසම සිනමා තිරයේ පෙන්වන්නට රන්බීර්ට හැකිවෙලා තියනවා… ඊට අමතරව Paresh Rawal සුනිල් දත්ගේ චරිතයට රංඟනය දක්වන අතර…Vicky Kaushal,Manisha Koirala Dia Mirza,Sonam Kapoor,Anushka Sharma මෙහි අනික් චරිත වලට රංඟනයෙන් දායක වෙලා තියනවා…

අපි කවුරුත් දන්න විදියට සංජේ දත් කියන්නේ ටිකක් දඩබ්බර චරිතයක්… ඒ වගේම ඔහුට මුම්බායි වල සිදුවු බොම්බ ප්‍ර‍හාරය වෙනුවෙන් චෝදනා එල්ල වුනා කියලාත් බොහෝ පිරිස් දන්නා කාරණයක්…ඇත්තටම මේ සිදුවිමේ උනේ මොකක්ද කියන කාරණාව තමයි චිත්‍ර‍පටියේදි වැඩි වශයෙන්ම පෙන්වන්න හදලා තියෙන්නේ…එ් වගේම ඔහු ජිවිතේ කොපමණ කරදර බාධක වලට මුණ දුන්නාද කියලාත් මේ චිත්‍ර‍පටිය බැලුවාම ඔයාලට දැනගන්න පුලුවන් වේවි…. නමුත් චිත්‍ර‍පටියේ ඇත්තම කතාව පෙන්නුවේ නැහැ කියලාත් චෝදනාවක් තියනවා. මොකද සංජේ දත්ට මේ චිත්‍ර‍පටිය පෙන්වන කාලය ඇතුලත බිරින්දැවරුන් දෙන්නෙක් ඉදලා තියනවා. නමුත් ඒ කිසිම කෙනෙක් ගැන චිත්‍ර‍පටියේ කොතැනකවත් සදහන් වෙන්නේ නැහැ… තව ඉතින් කාරණා බොහෝමයක් තියනවා.. ඒ වගේම චිත්‍ර‍පටියේ පෙන්වන තරම් සංජේ දත් කොහොමත් සුදු චරිතයක් නම් නෙමෙයි කියලා ඔහුගේ වැඩ ගැන හිතුවාම නම් කියන්නට පුලුවන්…. කොහොම උනත් ඔබ මේ චිත්‍ර‍පටිය බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම අරන් බලන්න කියලා ඉල්ලිමක් කරනවා.මේ චිත්‍ර‍පටිය විටෙක ඔබව සංවේදි කරාවි… හිනස්සාවි… ඒ වගේම මේ පැය 2 1/2 ඔබට ගෙවි යනවා කියලාවත් දැනගන්න ලැබෙන එකක් නැහැ.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram