spot_img

Karwaan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Akarsh Khurana විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය 2018 අගොස්තු 3 වැනිදා තමයි තිරඟතවිම ආරම්භ කලේ. මේ චිත්‍ර‍පටියට ටිකක් අවධානය වැඩි උනේ මලයාලම් චිත්‍ර‍පටිවල ප්‍ර‍සිද්ධ රංඟන ශිල්පියෙකු වන Dulquer Salman ගේ බොලිවුඩ් ආඟමනය නිසයි. සමහර විට මින් ඉදිරියටත් බොලිවුඩ් නිර්මාණ වලින් අපිට ඔහුව දකින්න පුලුවන් කමකුත් ලැබේවි…. මිට අමතරව අපි කවුරුත් දන්න Irrfan Khan වගේම සමාජ මාධ්‍ය වලින් හා යු ටියුබ් විඩියෝ වලින් ඉන්දියාවේ ජනප්‍රියතාවට ලක්වුන Mithila Palkar ද මෙහි රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටිය විනෝදාත්මක උනත් යම් කිසි ආදර්ශයක් වගේම… ලොකු සමාජ කතාවකුත් අපිට කියන්න උත්සහා කරලා තියනවා…ඔබ මලයාලම් චිත්‍ර‍පටි රසිකයෙක් නම් මේ චිත්‍ර‍පටිය බැලුවොත් මලයාලම් චිත්‍ර‍පටියක් නරඔනවා වගේ හැඟිමක් දැනේවි… මොකද මේ චිත්‍ර‍පටිය රූඟත කරන්නෙත් ඒ ආශ්‍රිතවම තමයි. හැබැයි Dulquer Salman විසින් රඟ දක්වන අවිනාශ් චරිතයට නම් චිත්‍ර‍පටියේ හැටියට පොඩ්ඩක්වත් මලයාලම් නම් වැටහෙන්නේ නැහැ.

දැනටම සමාජ මාධ්‍ය වල මේ චිත්‍ර‍පටිය ගැන ලොකු ලොකු විචාර ලියවිලා තියන නිසා මං චිත්‍ර‍පටිය ගැන සරලවම කියන්නම් අවිනාශ් කියන්නේ සොෆ්ට්වෙයාර් කැම්පැනි එකක රැකියාවක් කරන තරුණයෙක්…ඔහු මේ රැකියාව කරන්නේ තාත්තාගේ පෙරැත්තරය නිසා පමණයි… සිතින් ඔහු කැමැති ඡයාරූපකරණ ශිල්පියෙක් වෙන්න. නමුත් ඔහුගේ තාත්තා මේ ගැන දැඩිලෙසම විරුද්ධ වෙනවා. මේ නිසා තාත්තා හා පුතා වසර ගණනාවක් යනකම් කතා කරන්නේ වත් නැහැ. කොහොම හරි දිනක් ඔහුට ඇමතුමක් එනවා…ඒ තමන්ගේ පියා වන්දනා ගමනක ගිහින් උන අනතුරකින් මියගියා කියලා. මේ පණිවිඩයෙන් ඔහුට ලොකු දුකක් දැනෙන බවක් පෙන්නේ නැහැ. සමහර විට ඔහු තවමත් තමන්ගේ පියාට හිත යටින් වෛරකරන නිසාත් වෙන්න පුලුවන්. කොහොම හරි ගුවන් මඟින් තමන්ගේ තාත්තාගේ මලසිරුර එවන්නට වන්දනා ගමන සුදානම් කරපු ආයතනය කටයුතු සලසනවා. නමුත් මෙතැනදි පොඩි පටලැවිල්ලක් වෙනවා. ඒ තමයි තමන්ගේ තාත්තාගේ මලසිරුර වෙනුවෙට ඔවුන් එවන්නේ මේ වන්දනා ගමනින් ගිහින් මිය ගිය තවත් කාන්තාවගේ මලසිරුරක්. කොහොම හරි තමන්ගේ තාත්තාගේ මෘතශරිරය වැරදිලා ගිය තැනට ගිහින් එය ලබා ගන්න ඔහු තමන්ගේ මිතුරෙකු වන ශවුකත්ගේ වැන් රථයෙන් ගමන් ආරම්භ කරන්න පටන් ගන්නවා. ඔවුන්ට මේක මාරු කරගන්න බැංගලොර් සිට කෝචී දක්වා කිලෝමිටර් 400ක විතර ලොකු දුරක් ගමන් කරන්න වෙනවා. මේ ගමන අතර මැදදි මේ කතාවට තවත් චරිතයක් එනවා ඒ තමයි ටාන්‍යා නැමැති ගැණු ළමයා. ඇය තමයි මේ මිය ගිහින් ඉන්න ගැහුණු කෙනාගේ මිනිබිරිය. ඉතින් ඇයවත් නංවාගෙන මොවුන් කෝචි වෙතට දක්වා යන ගමනේදි වෙන සිදුවිම් තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ.

මං මේ සරලවම කතාව කිව්වේ…කොහොමත් අපේ හින්දි චිත්‍ර‍පටි බලන කට්ටිය මේක මඟහැරගන්නේ නැහැ කියලා දන්නවා එහෙනම් මේක රසවිදින්න…තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram